හිටපු ජනපති අල්ලස් කොමිසමට

අල්ලස හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කරගෙන ඇත.

ඊයේ දිනයේ පැය දෙකකට ආසන්න කාලයක් ඒ මහතාගෙන් මෙම ප්‍රකාශය සටහන් කරගෙන ඇත්තේ ඔහු එම කොමිසම හමුවේ පෙනී අවස්ථාවේදීය.

හිටපු ජනාධිපතිවරයා ධුරය දරණ කාලයේදී රෝයල් පාක් ඝාතන සිදුවීම සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම කර සිටි පුද්ගලයාට ජනාධිපති සමාව ලබාදීම සඳහා අල්ලස් ලබා ගත්තේ යැයි කියන සිදුවීමක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් අනුව මෙම ප්‍රකාශය සටහන් කරගෙන ඇත.

ස්වීඩන් ජාතික තරුණයක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම කර සිටි ජූඩ් සමන්ත නමැති අදාළ පුද්ගලයාට 2019 වසරේදී ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කර ඇත.

නමුත් එසේ සමාව ප්‍රධානය කිරීමට ගත් තීරණය ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගියදා තීන්දු කරන ලද අතර ඒ අනුව එම පොදු සමාව දීමේ තීරණය ද අධිකරණය විසින් අවලංගු කර තිබේ.

Asanka Wijeweera

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

පාස්කු ප්‍රහාරයට පිල්ලෙයාන් සෘජුව සම්බන්ධයි – ආරක්ෂක ඇමති කියයි

ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් ආකාරයටම, පාස්කු ඉරිදා

තංගල්ලේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ ලොරි රථ තුනක තිබී සොයාගත් මත්ද්‍රව්‍ය ජාවාරමට

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

පසුගියදා සමඟි ජන බලවේග පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයින්

ඇමරිකන් බද්ද ලංකාවේ ආර්ථිකයට ඉතාම අහිතකරයි..- මහාචාර්ය පියංග දුනුසිංහ

ඇමරිකාව විසින් පනවා ඇති නව තීරු බදු අනුපාතයන් ශ්‍රී ලංකාවේ

බොරු කීවා කියා කෝටි 50ක් වන්දි ඉල්ලා මාලිමා මන්ත‍්‍රීට විරුද්දව නඩු දමයි…

වෙලිගම නාගරික සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම මහතා, ජාතික ජන