හරවා ගිය තෙල් නැව ගැන ඇත්ත කතාව

මෙරටට පැමිණි තෙල් නැවක් නැවත ආපසු පිටත්ව යාම සම්බන්ධව පළවන පුවත් සම්බන්ධව ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාව කරුණු පැහැදිලි කර තිබේ.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා මහතා අද (12) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දක්වමින් පැවසුවේ එම තෙල් නැව ලංකා ඛනිජ තෙල් සංස්ථාව ගෙන්වූ තෙල් නැවක් නොවන බැවින් ඒ සම්බන්ධව රටට කිසිදු බලපෑමක් නොමැති බවය.

“තෙල් නැවක් හරවලා යවපු එකක් නෙමෙයි සිදුවුණේ යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම 02 වැනිදා තෙල් නැවක් ගෙනාවා පෙට්‍රල් මෙට්‍රික් ටොන් 15,000කුත් ඩීසල් මෙට්‍රික් ටොන් 15,000කුත්. අන්න ඒ නැව ගොඩබෑමකින් තොරව නැවත අරගෙන ගිහිල්ලා තියෙනවා. ඇත්තටම ගත්තොත් ඒකෙන් රටට කිසිදු බලපෑමක් සිද්ධ වෙන්නේ නෑ මොකද ඒක පෙට්‍රෝලියම් කෝපරේෂන් එක ගෙනාපු නැවක් නෙමෙයි. පහුගිය කාලේ සමාගම් තුනන් ලංකාවේ තෙල් වෙළෙඳාම් සඳහා අවතීරණ වුණා එතකොට ඒගොල්ලෝ තෙල් වෙන වෙනම තමයි ගෙන්නන්නේ. මේ තෙල් නැව එයාලගේ අභ්‍යන්තරයේ තියන ගැටළුවක් හින්දා ගොඩබාන්නේ නැතිව නැවත රැගෙන ගිහිල්ලා තියෙනවා. ඛනිජ තෙල් සංස්ථාව සතුව ප්‍රමාණවත් ඉන්ධන තොග තියෙනවා. අපි තෙල් ඇනවුම් කරලා තියෙනවා ලබන වසරේ අප්‍රේල් මස දක්වා…”

Asanka Wijeweera

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

පාස්කු ප්‍රහාරයට පිල්ලෙයාන් සෘජුව සම්බන්ධයි – ආරක්ෂක ඇමති කියයි

ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් ආකාරයටම, පාස්කු ඉරිදා

තංගල්ලේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ ලොරි රථ තුනක තිබී සොයාගත් මත්ද්‍රව්‍ය ජාවාරමට

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

පසුගියදා සමඟි ජන බලවේග පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයින්

ඇමරිකන් බද්ද ලංකාවේ ආර්ථිකයට ඉතාම අහිතකරයි..- මහාචාර්ය පියංග දුනුසිංහ

ඇමරිකාව විසින් පනවා ඇති නව තීරු බදු අනුපාතයන් ශ්‍රී ලංකාවේ

බොරු කීවා කියා කෝටි 50ක් වන්දි ඉල්ලා මාලිමා මන්ත‍්‍රීට විරුද්දව නඩු දමයි…

වෙලිගම නාගරික සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම මහතා, ජාතික ජන