සෞඛ්‍ය ඇමති රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා නාරාහේන්පිට මෙහෙවර පියස කාර්යාල සංකීර්ණයේ පිහිටි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක්ව තිබෙනවා

ඒ අනුව එහිදී අමාත්‍යවරයා එහි මෙහෙයුම් කටයුතු එක් එක් අංශ වෙත ගොස් පෞද්ගලිකවම නිරීක්ෂණය කළ අතර එම කටයුතු ක්‍රියාත්මක කිරීමේදී කාර්ය මණ්ඩලය මුහුණ දෙන ගැටලු පිළිබඳව කාර්ය මණ්ඩලය සමඟ සුහද සාකච්ඡාවකද නිතර වුණා

ලොව අධික ලාභ උපයන ව්‍යාපාරයක් මෙන්ම ජාවාරමක් ද බවට වර්තමානයේ පත්ව ඇති ඖෂධ ක්ෂේත්‍රයේ ගැටලු, දෝෂ නිරාකරණයට සහ නිවැරදි කිරීම වෙනුවෙන් පෙනී සිටින සියලු සේවකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් රජය සෑම විටම පෙනී සිටින බව ද ප්‍රකාශ කළා

මීට අමතරව, ඖෂධ සැපයුම් ජාලය සහ එහි වත්මන් ක්‍රියාකාරීත්වය පිළිබඳවත්, ප්‍රසම්පාදන ක්‍රියාවලිය සහ බෙදාහැරීමේ වැඩපිළිවෙල පිළිබඳවත් ඉදිරියේදී එම කටයුතු වර්ධනය කළ යුතු ආකාරය පිළිබඳව ද අමාත්‍යවරයා එහිදී පාලන අධිකාරියට අවශ්‍ය උපදෙස් ලබා දී තිබෙනවා

Asanka Wijeweera

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

පාස්කු ප්‍රහාරයට පිල්ලෙයාන් සෘජුව සම්බන්ධයි – ආරක්ෂක ඇමති කියයි

ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් ආකාරයටම, පාස්කු ඉරිදා

තංගල්ලේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ ලොරි රථ තුනක තිබී සොයාගත් මත්ද්‍රව්‍ය ජාවාරමට

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

පසුගියදා සමඟි ජන බලවේග පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයින්

ඇමරිකන් බද්ද ලංකාවේ ආර්ථිකයට ඉතාම අහිතකරයි..- මහාචාර්ය පියංග දුනුසිංහ

ඇමරිකාව විසින් පනවා ඇති නව තීරු බදු අනුපාතයන් ශ්‍රී ලංකාවේ

බොරු කීවා කියා කෝටි 50ක් වන්දි ඉල්ලා මාලිමා මන්ත‍්‍රීට විරුද්දව නඩු දමයි…

වෙලිගම නාගරික සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම මහතා, ජාතික ජන