සෞඛ්‍ය අමාත්‍යංශයේ බරපතල දේශපාලන අතපෙවීම් කියා නලින්දට චෝදනා.. GMOA වර්ජන සූදානමක..

සෞඛ්‍ය අමාත්‍යාංශයේ පරිපාලන ක්‍රියාවලියට බරපතළ දේශපාලන බලපෑම් සිදුවෙමින් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

මෙම තත්ත්වය වහා නිවැරදි කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයා කටයුතු නොකළහොත් දැඩි වෘත්තිය ක්‍රියා මාර්ගවලට එළඹීමට සූදානම් බව එම සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

අදාළ සම්පූර්ණ මාධ්‍ය නිවේදනය මෙසේය.

මාධ්‍ය නිවේදනය

මෙරට වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාවලිය කෙරෙහි එල්ල වන අනවශ්‍ය බාහිර බලපෑම් හේතුවෙන් උද්ගත වී  ඇති අර්බුදකාරී තත්ත්වය.

ශ්‍රී ලාංකේය වෛද්‍ය සේවාව දීප ව්‍යාප්ත සේවාවකි. රට පුරා සෞඛ්‍ය සේවාවන් ඉහළ ගුණාත්මකභාවයෙන් සහ සමානාත්මතාවයෙන් යුතුව අඛණ්ඩව ලබාදීමට නම් රට පුරා සියලු රෝහල් සහ ප්‍රදේශ ආවරණය කරමින් වෛද්‍යවරුන්  ස්ථානගත වීම අනිවාර්ය වේ.

මේ වෙනුවෙන් විශේෂඥ වෛද්‍යවරුන්, පරිපාලන ශ්‍රේණියේ වෛද්‍යවරුන් සහ ශ්‍රේණි වෛද්‍යවරුන් යන සියලු කාණ්ඩ වල වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂමව, විධිමත්ව සහ පාරදෘශ්‍ය ලෙස සිදු කිරීම අත්‍යාවශ්‍ය වේ.

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

පාස්කු ප්‍රහාරයට පිල්ලෙයාන් සෘජුව සම්බන්ධයි – ආරක්ෂක ඇමති කියයි

ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් ආකාරයටම, පාස්කු ඉරිදා

තංගල්ලේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ ලොරි රථ තුනක තිබී සොයාගත් මත්ද්‍රව්‍ය ජාවාරමට

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

පසුගියදා සමඟි ජන බලවේග පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයින්

ඇමරිකන් බද්ද ලංකාවේ ආර්ථිකයට ඉතාම අහිතකරයි..- මහාචාර්ය පියංග දුනුසිංහ

ඇමරිකාව විසින් පනවා ඇති නව තීරු බදු අනුපාතයන් ශ්‍රී ලංකාවේ

බොරු කීවා කියා කෝටි 50ක් වන්දි ඉල්ලා මාලිමා මන්ත‍්‍රීට විරුද්දව නඩු දමයි…

වෙලිගම නාගරික සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම මහතා, ජාතික ජන