සිවිල් ක්‍රියාකාරී අසේල සම්පත්ගේ මවට කොළඹ ජාතික රෝහලෙන් කුඩම්මාගේ සැළකිලි

ජාතික පාරිභෝගික පෙරමුණේ සභාපති  අසේල සම්පත්ගේ මවට කොළඹ ජාතික රෝහලේ දී වූ අසාධාරණයක් සම්බන්ධයෙන් ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ශාන් බෙල්ලන මහතා වෙත යොමු කල ලිපියක් පහතින් දැක්වේ 

උපුටා ගැනීම 

ඊයේ සවස 5.45ට පමණ මාගේ අම්මා අසාධ්‍ය තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කලෙමි,එහිදීම මූලික ප්‍රතිකාර ඒකකයේ පැය හතරකට ආසන්න ප්‍රමාණයක්  ප්‍රතිකාර කරන ලදී,

ඉන් අනතුරුව රාත්‍රී  එකොළහට පමණ බණ්ඩාරනායක බිල්ඩිමේ වාට්ටු අංක 5ට මාරු කළෙමි,

මාගේ අම්මා කෙලින් සිට ගැනීමටවත්  නොහැකි ලෙස අසාධ්‍ය තත්ත්වය සිටියෙමි,pcu මූලික ප්‍රතිකාර ඒකකයේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවකයන් දෙදෙනෙක් පමණක්  සිටිය බැවින් තවත් සුවිශාල රෝගීන් ප්‍රමාණයක් වාට්ටු වලට හුවමාරු උන බැවින් මාගේ අම්මා රැගත් රෝදපුටුව මාගේ මල්ලි විසින් මූලික ප්‍රතිකාර ඒකකයේ සිට බණ්ඩාරනායක ගොඩනැගිල්ලේ පස්වෙනි වාට්ටුව දක්වාම රැගෙන ආවේය,

එහිදී සුළු සේවකයන්ට මා වරද පටවන්නේ නැති අතර පරිපාලනය විසින් ඒ ගැටළු විසඳිය යුතුය

5යේ  වාට්ටුවට ආ  පසු එහි ප්‍රධාන හෙදියන් පැවැසුවේ වාට්ටුවේ ඇඳන් තිහක් පමණක් ඇති බැවින්අම්මාට ඇදක් ලබාදීමට නොහැකි බවයි ඉන්පසු මා වාට්ටුව නිරීක්ෂණය කර අතරින් බලු බල්ලන් සේ අහිංසක අම්මලා කාන්තාවෝ බිම වැතිරීම නිදා සිටින අයුරු දැකිමි.

මාගේ අම්මා අසාධ්‍ය වී  පැමිණියේ 5 වාට්ටුවේ බිම තියා ගෙන ප්‍රතිකාර කිරිමට නෙවෙයි,එහිදී මාවාට්ටුවේ ප්‍රධාන හෙදියට පවසා සිටියේ ටිකට් එක කපා මට නැවත අම්මා රැගෙන යෑමට අවැසි බවයිඑහිදී ඇය පැවසුවේ කැමැත්තෙන් ටිකට් කපාගෙන යන ලෙස අත්සන් කරන ලෙසයි 

එවිටමා එයට විරුද්ධ වී ඇඳක් නොමැති නිසා පහේ වාට්ටුවේන් පෞද්ගලික රෝහලක් වෙත මා අම්මා රැගෙන යන බව ටිකට් පතේ සඳහන් කර අත්සන් කරන ලදී. 

ඒ පිළිබඳව වීඩියෝ සහ audio සාක්ෂි ඇත, වාට්ටුවේ මෙතරම් තදබදයක් තිබෙන බව දැන දැනත් දැඩි ලෙස අසාධ්‍ය වී සිටි මගේ අම්මා කිලෝමීටර් එකට ආසන්න ප්‍රමාණයක් එහෙට මෙහෙට රෝද පුටුවක තබාගෙන යෑමට සිදුවුණේය

මේ තුළින් මාගේ මූලික අයිතිවාසිකම් හා මාගේ මවගේ මූලික අයිතිවාසිකම් අමු අමුවේ උල්ලංඝනය කර අතරදැඩි අසාධ්‍යත්වය තිබෙන රෝගියෙකුට මෙලෙස ාත්‍රී කාලයේ යාන වාහන එහෙ මේ ගමන් කරද්දි විශේෂයෙන්ම මෝටර් බයිසිකල් සුවිශාල ප්‍රමාණයක් මූලික ප්‍රතිකාර ඒකේ සිට බණ්ඩාරනායක වාට්ටුව දක්වාද බණ්ඩාරනායක වාට්ටුවේ සිට මූලික ප්‍රතිකාරයගේ දක්වා ද  යන එන මඟ බයිසිකල් සහ වාහන වලින් දැඩි අවහිරකම් සිදු විය, 

ඒ පිළිබඳව වීඩියෝ සාක්ෂි මේ වන විට අන්තර්ජාලයට මුදා හැර ඇත ආර්ථික වත්කමක් නැති අපිට පිහිටට තියෙන්නෙ නිදහස් සෞඛ්‍ය සේවාවේ ඇති රජය රෝහල්ය මේ වන විට මාගේ අම්මා පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබා ගනිමින් සිටියි,

එහි වෛද්‍ය වාර්තා වෛද්‍ය සහතික කරන ලද පරීක්‍ෂණ සියල්ල මා ඔබ වෙත හෙට අනිද්දාලබාදෙමි,

මෙවැනි අසාධ්‍ය රෝගියෙකුට ජාතික රෝහලේ අවධානය ලක් නොවීම හා ජනාධිපතිගේ අම්මාට නිදහස් සෞඛ්‍යයේ පහසුකම්  හිමිවිම අතර පරතරයක් ඇති බව පෙනේ, ගරු වෛද්‍ය තුමනි මේ පිලිබද සෞඛ්‍ය අමාත්‍යංශය ට ලෝක සෞඛ්‍ය සංවිධානයට අදාල පාර්ශව වෙත හෙට සිට අවධානය ට ලක් කරන අතර පෞද්ගලීක රෝහලේ බිල් පතද ජාතික රෝහලෙන් හෝ සෞඛ්‍ය අමාත්‍යංශයෙන් හෝ ජනාධිපති අරමුදලින් ගෙවිය යුතු බවද සදහන් කරන අතර මේ පිලිබද වහා පරික්ෂණයක් කරන ලෙස ඉතා ගෞරවණීය ලෙස ඉල්ලමි,,


අසේල සම්පත් 
ජාතික පාරිභෝගික පෙරමුන
 

Dilrukshan Lakmal

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

පාස්කු ප්‍රහාරයට පිල්ලෙයාන් සෘජුව සම්බන්ධයි – ආරක්ෂක ඇමති කියයි

ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් ආකාරයටම, පාස්කු ඉරිදා

තංගල්ලේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ ලොරි රථ තුනක තිබී සොයාගත් මත්ද්‍රව්‍ය ජාවාරමට

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

පසුගියදා සමඟි ජන බලවේග පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයින්

ඇමරිකන් බද්ද ලංකාවේ ආර්ථිකයට ඉතාම අහිතකරයි..- මහාචාර්ය පියංග දුනුසිංහ

ඇමරිකාව විසින් පනවා ඇති නව තීරු බදු අනුපාතයන් ශ්‍රී ලංකාවේ

බොරු කීවා කියා කෝටි 50ක් වන්දි ඉල්ලා මාලිමා මන්ත‍්‍රීට විරුද්දව නඩු දමයි…

වෙලිගම නාගරික සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම මහතා, ජාතික ජන