සියලු පුරවැසියන්ගේ සේවාවන් තම භාෂාවන්…

“පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව සියලු පුරවැසියන්ට අවශ්‍ය සේවාවන් තම තමන්ගේ මව් භාෂාවන්ගෙන් සහ සංඥා භාෂාවෙන් ලබා ගැනීමට හැකි වන පරිදි රටේ ජාතික ප්‍රතිපත්ති ක්‍රියාත්මක විය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය මඟින් සංවිධානය කළ, “පුනරුදයේ පෙරමග” රාජ්‍ය භාෂා සතියේ සමාප්ති උළෙල හා එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළා ය.

” බස වඩමු – හද දිනමු ” යන තේමාව මුල් කරගනිමින් ජුලි 01 වැනි දා යෙදී තිබූ රාජ්‍ය භාෂා දිනයේ සිට දින හතක් තිස්සේ රාජ්‍ය භාෂා සතිය ක්‍රියාත්මක වූ අතර, එහි සමාප්ති උළෙල අග්‍රාමාත්‍යවරියගේ සහ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර අමාත්‍යවරයාගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් පළ කළ අග්‍රාමාත්‍යතුමිය,

රාජ්‍ය භාෂා සතිය රාජ්‍ය භාෂා ප්‍රතිපත්ති පිළිබඳව අවධානය යොමුකරන හා එය පිළිගැනීමට ලක්කරන සතියක් පමණක් නොවෙයි, මෙය භාෂාවක අනන්‍යතාවය, ගෞරවය සහ සියලු ජනතාව එකට එක්කරන සාමකාමී සමාජයක් ගොඩනැගීම වෙනුවෙන් භාෂාවට ඉටු කළ හැකි තීරණාත්මක කාර්යභාරය වෙත අවධානය යොමු වුණ සතියක්.

උසාවිය, පොලීසිය, අධ්‍යාපන, රාජ්‍ය ආයතන සහ රාජ්‍ය පරිපාලන ආදී අත්‍යවශ්‍ය ස්ථානවල තමන්ගේ භාෂාවෙන් කටයුතු කරගැනීමට අවස්ථාව නැති බව යම් ජනවාර්ගයකට හැඟෙනවා නම්, එය හුදෙක් සේවා සැපයීම පළිබඳ ප්‍රශ්නයක්ම නොවෙයි. එවැනි අවස්ථාවල ඒ ජනතාවට තමන් මේ රටට අයත් නොවන, පිටස්තරයින් ය යන හැඟීම නිතැතින්ම ඇතිවෙන්න පුළුවන්. එ නිසාම භාෂා භාවිතයේ දී සියලු ජන කොටස් වෙත සමාන අයිතියක් සහ ගරුත්වයක් හිමිවීම තහවුරු කළ යුතුයි.

මේ නිසා, සිංහල සහ දෙමළ සිසුන්ට එකිනෙකාගේ භාෂාවන් ඉගෙන ගතහැකි පාසලක්, රෝගියකුට තමන්ගේ රෝග ලක්ෂණ තමන්ට වඩාත්ම දැනෙන හැඟෙන භාෂාවෙන් විස්තර කළ හැකි සහ ගෞරවයෙන් සැලකූම් ලැබිය හැකි රෝහලක්, පුරවැසියාට වැටහනෙ භාෂාවෙන් යුක්තිය පසිඳලන අධිකරණ පද්ධතියක් ඇති කළ යුතු වෙනවා.

මේවා සුපිරි පහසුකම් නොවෙයි, සංහිඳියාවෙන් යුතු සමාජයක ප්‍රායෝගිකව තිබිය යුතු සාමාන්‍ය තත්ත්වයන්.

2026 වසරේ සිට ඇරැඹෙන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ මෙරට සෑම භාෂාවකම වැදගත්කම දරුවන්ට වඩාත් දැනෙන විදිහට වගේම, භාෂාව හුදෙක් විෂයකට එහා ගිය වැදගත්කමකින් ඉගැන්වීමේ ක්‍රමවේද ඇතුළත් කරලා තියෙන්නෙ ඒ නිසාමයි. යැයි ද අග්‍රාමාත්‍යතුමිය සඳහන් කළා ය.

මෙහි දී අදහස් ප්‍රකාශ කළ අධිකරණ සහ ජාතික ඒකබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර,

අපට බෙදාගන්න එක හා සමාන අතීතයක් නොතිබුණත්, අපට එකතුවෙලා හැඩගස්වාගන්න අනාගතයක් තියෙනවා. මේ රාජ්‍ය භාෂා දිනයේ දී සියලුදෙනාටම එකඟ විය හැකි අව්‍යාජ සංහිඳියාවක් සහ සජීවී ඒකබද්ධතාවයක් පවතින ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට අපි කැපවෙමු. යැයි පැවසීය.

රාජ්‍ය භාෂා සතියේ සමාප්ති උළෙලේ දී රාජ්‍ය භාෂා කොමිෂන් සභාව මගින් පාසල් මට්ටමින් පැවැත්වූ ආදර්ශ පාඨ නිර්මාණ තරගාවලියේ ජයග්‍රාහකයින්ටත්, රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව මගින් පැවැත් වූ රාජ්‍ය භාෂා ඇගයීම් පරීක්ෂණය සමත්වූවන්ටත් ත්‍යාග හා සහතිකපත් ප්‍රදානය අග්‍රාමාත්‍යවරිය අතින් සිදුවිය.

මෙම සමාප්ති උළෙලට ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහකොමසාරිස්තුමා, බංගලාදේශ මහකොමසාරිස්තුමා, ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලෆ්ෆර්, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශ ලේකම් ජනාධිපති නීතිඥ අයේශා ජිනසේන යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය සහ රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්, පාසල් දුවාදරුවන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව