සැකකරුවන් නිදහස් කළ ලිපිය යළි කැඳවා නැත – නීතිපති

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධ නඩුවේ සැකකරුවන් තිදෙනෙකු නිදහස් කිරීමට යොමු කරන ලද ලිපිය යළි කැඳවා ඇති බවට පැතිර ගිය වාර්තා අසත්‍ය බව නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

නීතිපති දෙපාර්තමේන්තුව පවසා ඇත්තේ, මෙම නඩුව සම්බන්ධයෙන් නව විමර්ශන කරුණු ලැබුණහොත් ඒවා වාර්තා කරන ලෙස පොලිසියට දැනුම් දී ඇති බවයි. එසේම, පසුගිය සිකුරාදා වන තෙක් මෙම නඩුව සම්බන්ධයෙන් නව විමර්ශන කරුණු ලෙස කිසිදු ගොනුවක් නොලැබුණු බවයි දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ.

නීතිපති දෙපාර්තමේන්තුව මීට පෙර නිවේදනයක් නිකුත් කරමින් පැහැදිලි කර ඇත්තේ, සැකකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් නව සාක්ෂි හෙළිදරව් වුවහොත්, එම සාක්ෂි මත අපරාධ චෝදනා ගොනු කිරීම සලකා බැලීමට බාධාවක් නොමැති බවයි.

කෙසේ වෙතත්, නඩුවට අදාළ තිදෙනා නිදහස් කිරීම සම්බන්ධ නිර්දේශ ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව උපදෙස් ලබා දී ඇත.

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව