ස්වාධීනව වැඩ කරන රජයේ සේවකයන් රකිනවා…

රජයේ සේවකයන් ලෙස කිසිදු දේශපාලන අතපෙවීමකට යටත් නොවී ස්වාධීනව වගකීම් ඉටු කරන ලෙසත් රජය වැඩක් කිරීමට කවර හෝ බලපෑමක් නොකරන බවත්, ඒ නිසා කිසිදු බියකින් තොරව නිවැරදිව නිදහසේ ජනතා සේවාවන් සිදුකරන ලෙස ද අමාත්‍යවරයා නිලධාරීන්ට වශයෙන් අපි ඔබව ආරක්ෂා කරන බවත් විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන ප්‍රකාශ කරයි.

වත්තල මාබෝල නගර සභාවේ කටයුතු සොයා බලා ඉදිරියට ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව නගර සභා නිළධාරීන් සමග සිදුකළ සාකච්ඡාවේ මේ බව ප්‍රකාශ කරන ලදි.

මෙහි දී වැඩිදුරටත් නගර සභා නිලධාරීන් ඇමතූ විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා,

මින් ඉදිරියට නිරතුරුව නගර සභාව තුළින් ජනතා සේවාවන් සිදුකරන ආකාරය පිළිබඳව සොයා බලන බවත්, යම් රාජකාරියකට අදාළ නීතියක් වේ නම් ඒ නිතියට අනුවම එය සිදුකරන ලෙසත් දැනුම් දුන්නා. එසේම ඉදිරියේ දී ප්‍රාදේශීය සභාව, නගර සභාව මෙන්ම පළාත් සභාව ආදී ආයතන සමග අවශ්‍ය පරිදි ජනතාව සම්බන්ධ කිරීමට කටයුතු කරන බව ද ජනතාවත් සමගම මේ ගමන යාමට රජය බලාපොත්තු වන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

මෙම හමුවේ දී නගර සභාවට අයත් ආයුර්වේද, ප්‍රවාහන, සෞඛ්‍ය, විධිමත් කසල කළමනාකරණය, ආදායම් ඉපයීම, කර්මාන්තශාලා ආශ්‍රිතව ගොඩනැගෙන පරිසර හා ශබ්ද දූෂණය වළක්වාගැනීම ආදී අංශ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර විනිවිද භාවයෙන් යුතුව සෑම අංශයකින්ම දැන් පවතින තත්වයට වඩා ඉහළ තත්වයකට ගෙනඒමට කටයුතු කරන ආකාරය පිළිබඳවත් අමාත්‍යවරයා අවධාරණය කළා.

සාකච්ඡාවෙන් අනතුරුව නගර සභාවෙන් පරිපාලනය වන ස්ථාන කිහිපයක ක්ෂේත්‍ර නිරීක්ෂණ චාරිකාවකට ද අමාත්‍යවරයා ඇතුළු පිරිස එක් විය.

මෙම අවස්ථාවට වත්තල මාබෝල නගර සභාවේ ලේකම් අයී.ඒ.එස්.එස්. සඳරුවන් මහතා ඇතුළු නගර සභා නිළධාරීන්, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යතුමාගේ සම්බන්ධීකරණ නිළධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

මාධ්‍ය ඒකකය
විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

පාස්කු ප්‍රහාරයට පිල්ලෙයාන් සෘජුව සම්බන්ධයි – ආරක්ෂක ඇමති කියයි

ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් ආකාරයටම, පාස්කු ඉරිදා

තංගල්ලේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ ලොරි රථ තුනක තිබී සොයාගත් මත්ද්‍රව්‍ය ජාවාරමට

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

පසුගියදා සමඟි ජන බලවේග පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයින්

ඇමරිකන් බද්ද ලංකාවේ ආර්ථිකයට ඉතාම අහිතකරයි..- මහාචාර්ය පියංග දුනුසිංහ

ඇමරිකාව විසින් පනවා ඇති නව තීරු බදු අනුපාතයන් ශ්‍රී ලංකාවේ

බොරු කීවා කියා කෝටි 50ක් වන්දි ඉල්ලා මාලිමා මන්ත‍්‍රීට විරුද්දව නඩු දමයි…

වෙලිගම නාගරික සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම මහතා, ජාතික ජන