සහල් මාෆියාව සිදුවන හැටි

සහල් වර්ග 04කට ජනවාරි සිට දැඩි ලෙස පාලන මිල ක්‍රියාත්මකළ යුතු බව ජාතික සහල් කර්මාන්ත සම්මේලනයේ අනුශාසක අරුණකාන්ත බණ්ඩාර මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සහල් මාෆියාව සිදුවන ආකාරය විස්තර කළේය.

“අවුරුදු දෙක තුනකට සැරයක් ප්‍රධාන සහල් මෝල් හිමියන් කීරි සම්බා මිල ඉහළ දානවා. කීරි සම්බා මිල ඉහළ දාපු ගමන්  ඊළඟ කන්නයේදී ගොවියෝ ඒක වගා කරන්න පෙළබෙනවා වගාකරන්න පෙළබුණාම කීරි සම්බා මිල අඩුවෙනවා.

අඩු වුණාම මෝල් හිමියන් ගබඩාවල පුරවාගන්නවා. එහෙම පුරවාගෙන ඒක ඉතා ඉහළ මිලකට විකුණනවා. ඒක සිදුවෙන්නේ මේ ප්‍රධාන මෝල් හිමියන් නිලධාරීන්ගේ සහායෙන් තත්ත්වයේ සමබරතාවය බිඳිනවා. ඉතින් මේ තත්ත්වෙදි නාඩු හාල්වල හිඟයක් ඇති වෙනවා. ඒ නිසා ස්ථිර වශයෙන්ම ලබන ජනවාරි සිට සහල් වර්ග 04ටම දැඩි ලෙස පාලන මිල ක්‍රියාත්මකළ යුතුයි.”

Asanka Wijeweera

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව