සහල්, පොල් ගණන් කියා ආපනශාලා ආහාර මිල 30%කින් ඉහලට..

වෙළෙඳපොළේ පොල් මිල ඉහළ යාම හේතුවෙන් දිවයින පුරා බොහෝ ආපනශාලාවල පොල් සම්බෝල හා කිරි හොදි ලබාදීම නතර කර ඇති බව සමස්ත ලංකා ආපනශාලා හිමිකරුවන්ගේ සංගමය පවසයි.

එහි සභාපති හර්ෂණ රුක්ෂාන් පවසන්නේ ඇතැම් ප‍්‍රදේශවල පොල් ගෙඩියක මිල රුපියල් 200 දක්වා ඉහළ යාමත් සමග ආපන ශාලා හිමියන් දැඩි අර්බුදයකට පත්ව ඇති බවයි.

සහල්, පොල්, බිත්තර, ලූණු මිල අධික වීම හේතුවෙන් ආපනශාලාවල ආහාර ද්‍රව්‍යවල මිල 30% කින් ඉහළ දැමීමට සිදුව ඇති බවත් හෙතෙම කියා සිටී.

කුකුළු මස් කිලෝවක් රුපියල් 1280 දක්වා ඉහළ ගොස් ඇති බවත් ඔහු පැවසීය.

ඔහු පවසන පරිදි ආප්ප සෑදීම සහ දේශීය මට්ටමින් අලෙවි කිරීමට දිවා ආහාර පාර්සල් සකස් කිරීම ද පොල් මිල ඉහළ යාමෙන් පීඩාවට පත්ව ඇත.

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

පාස්කු ප්‍රහාරයට පිල්ලෙයාන් සෘජුව සම්බන්ධයි – ආරක්ෂක ඇමති කියයි

ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් ආකාරයටම, පාස්කු ඉරිදා

තංගල්ලේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ ලොරි රථ තුනක තිබී සොයාගත් මත්ද්‍රව්‍ය ජාවාරමට

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

පසුගියදා සමඟි ජන බලවේග පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයින්

ඇමරිකන් බද්ද ලංකාවේ ආර්ථිකයට ඉතාම අහිතකරයි..- මහාචාර්ය පියංග දුනුසිංහ

ඇමරිකාව විසින් පනවා ඇති නව තීරු බදු අනුපාතයන් ශ්‍රී ලංකාවේ

බොරු කීවා කියා කෝටි 50ක් වන්දි ඉල්ලා මාලිමා මන්ත‍්‍රීට විරුද්දව නඩු දමයි…

වෙලිගම නාගරික සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම මහතා, ජාතික ජන