සම්පත් මදි.. රෝහල් සේවාව හරියට කරන්න අමාරුයි..- නලින්ද

රෝහල් පද්ධතිය දියුණු කිරීමේ දී රෝහලකට පැමිණෙන රෝගියෙකුට අවශ්‍ය මානසික නිදහස රෝහල තුළ තිබිය යුතු බවත්, රෝහලක් යනු ඇඳක්, ඖෂධයක්, එන්නතක්, කාර්ය මණ්ඩල සේවාවක් පමණක් නොව රෝගියාට මානසික නිදහසක් ලබාදිය යුතු ස්ථානයක් බව‍ට පත් කළ යුතු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

අමාත්‍යවරයා මෙම අදහස් දැක්වූයේ ඔහු උපන් අගලවත්ත පිඹූර  රෝහලේ රෝගී ප්‍රතිකාර සේවාවන් පිළිබඳ ව සොයා බැලීමෙන් අනතුරුව නිලධාරීන් සහ රෝහල් කමිටු සාමාජිකයින් සමග පැවැති සාකච්ඡාවක දීය.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා සෑම රෝහලක් ම සංවර්ධනය කිරීමේ දී භූමියෙන් උපරිම ප්‍රයෝජන ලබාගෙන, පරිසරයේ අලංකාරය ද ආරක්ෂා කරමින්, ගෘහ නිර්මාණ ශිල්පයේ සුවිශේෂතා ද මතු කරමින් රෝගියාට මානසික සුවය ලබා දෙන ස්ථානයක් බවට රෝහල් පද්ධතිය දියූණු කිරිමට සැලසුම් සකස් කරන බව පැවසී ය.

මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ  සේවා සැපයීමේ දී වැදගත් ම අංශයන් වන ද්විතීයික හා තෘතීයික රෝහල් 130 කින් යුත් සේවා පද්ධතියට අවශ්‍යකරණ, පහසුකම් ලබාදීමට මූලිකත්වය ගෙන කටයුතු කරන බව ද මෙහි දී පැවසූ අමාත්‍යවරයා මෙම රෝහල් පද්ධතිය තුළ මෙරට සම්පූර්ණ රෝහල් පද්ධතිය තුළ වන ඇඳන් සංඛ්‍යාවෙන් සියයට 75 ක් ඇතුළත් වන බව ද සදහන් කළේ ය. එය ප්‍රමාණාත්මක ලෙස ඇඳන් 60,000 ක් පමණ වන බව පැවසු අමාත්‍යවරයා වර්තමානයේ විශේෂඥ වෛද්‍යවරු ඇතුළු රෝහල් කාර්ය මණ්ඩල හිඟයෙන් සහ සම්පත් ඌණතාවය හේතුවෙන් මෙම රෝහල් 130 හි සේවාව අවශ්‍ය ආකාරයට සපයා ගැනීමේ ගැටළු මතු ව ඇති බව ද සඳහන් කළේ ය.

අගලවත්ත පිඹුර මුලික රෝහලේ රසායනාගාරය, විකිරණ ඒකකය, ඖෂධාගාරය, දන්ත සායනය, ඛන්තු රේඛන අංශය, සූතිකාගාරය, ශල්‍ය ගබඩාව හා ඖෂධ ගබඩාව, ශල්‍යාගාරය, භෞත චිකිත්සක ඒකකය, මිතුරු පියස, සෞඛ්‍ය අධ්‍යාපන ඒකකය සහ මුළුතැන්ගෙය ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් විය.

රෝහලේ දැනට වසා දැමා ඇති නාරි හා ප්‍රසව වාට්ටු ගොඩනැගිල්ල නිරීක්ෂණය කළ අමාත්‍යවරයා එම ගොඩනැගිල්ල ප්‍රයෝජනයට ගත හැකි තත්ත්වයේ පවතින බැවින් කඩිනමින් ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කර රෝගී ප්‍රතිකාර සේවා සදහා යොදා ගැනීමට ක්‍රියා කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබී ය.

වෛද්‍ය, ළමා, මානසික, චර්ම රෝග, ශල්‍ය, නාරිවේද හා පවුල් සැලසුම්, පෝෂණ,  ශ්වසන රෝග, සුවදිවි සායනය, ලිංගාශ්‍රිත රෝග සදහා පිඹුර මුලික රෝහල තුළ සායන ක්‍රියාත්මක වන බව රෝහලේ වෛද්‍ය අධිකාරි විශේෂඥ වෛද්‍ය ඩි.ඒ.ආර්.කේ දිල්රුක්ෂි මහත්මිය පෙන්වා දුන් අතර, මේ වසර තුළ අලුතින් ලේ බැංකුව, අංගසම්පූර්ණ ශල්‍යාගාරය සහ අභ්‍යන්තර ඖෂධාලය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරන බව ද පැවසී ය.

– Media unit

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

පාස්කු ප්‍රහාරයට පිල්ලෙයාන් සෘජුව සම්බන්ධයි – ආරක්ෂක ඇමති කියයි

ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් ආකාරයටම, පාස්කු ඉරිදා

තංගල්ලේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ ලොරි රථ තුනක තිබී සොයාගත් මත්ද්‍රව්‍ය ජාවාරමට

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

පසුගියදා සමඟි ජන බලවේග පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයින්

ඇමරිකන් බද්ද ලංකාවේ ආර්ථිකයට ඉතාම අහිතකරයි..- මහාචාර්ය පියංග දුනුසිංහ

ඇමරිකාව විසින් පනවා ඇති නව තීරු බදු අනුපාතයන් ශ්‍රී ලංකාවේ

බොරු කීවා කියා කෝටි 50ක් වන්දි ඉල්ලා මාලිමා මන්ත‍්‍රීට විරුද්දව නඩු දමයි…

වෙලිගම නාගරික සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම මහතා, ජාතික ජන