සජිත් රැක ගැනීමේ ව්‍යාපාරයෙන් තිස්සට සහ මද්දුම බණ්ඩාරට රතු එළියක්,

පසුගියදා සමඟි ජනබලවේග පක්‍ෂ හා එක්සත් ජාතික පක්‍ෂය ඉදිරි මැතිවරණ සදහා එක් පෙරමුණක් යටතේ තරඟ කිරීම සදහා පක්‍ෂ අතර සාකච්ඡාවට කිහිපයක් පවත්වා ඇති අතර  ඒ සදහා සමඟි ජනබලවේග පක්‍ෂය නියෝජනය කරමින් පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම්, ගයන්ත කරුණාතිලක, හර්ෂණ රාජකරුණා, ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා ඇතුළු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු සහභාගි කරවීමට පක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබිනි.

ඒ අනුව මේවන විට දෙපාර්ෂවය අතර සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇති අතර ඒ සම්බන්ධව පක්‍ෂයේ ඇතැම් සාමාජිකයින් සමාජ මාධ්‍ය ඔස්සේ විවේචනය කිරිම හේතුවෙන් සමඟි ජන බලවේග පක්‍ෂ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා ඉදිරි සාකච්ඡා වටවලිවන් ඉවත්වන බවට පසුගිය (16) දා ඒ මහතා විසින් ප්‍රකාශ කර ඇත.

සමඟි ජනබලවේග පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂය අතර පවතින සාකච්ඡාවලට එරෙහිව පසුගිය 08දා සජිත් රැක ගැනීමේ ව්‍යාපාරයේ කැඳවුම්කරු ඉන්දික උපුල් මහතාගේ ප්‍රධානත්වයෙන් පක්‍ෂ මූලස්ථානය ඉදිරිපිට විරෝධතාවක් සංවිධානය කර තිබූ අතර පක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සෘජු මැදිහත්වීම මත එම විරෝධතාව අවලංගු කර ඇති බවට පක්‍ෂ ආරංචි මාර්ග පවසනු ලබයි. 

සමඟි ජන බලවේග පක්‍ෂ වත්මන් ජාතික සංවිධායකවරයා කිසිදු ජන පදනමක් නොමැති නායකයෙකු බවත් පසුගිය ජනාධිපතිවරණය පරාජයවීමට හේතුව පක්‍ෂ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඇතුළු සංවිධායකවරුන්ගේ දුර්වලතාවය බවත්, තව දුරටත් පක්‍ෂයට හානි නොකර දේශපාලනයෙන් සමුගන්නා ලෙසට පක්‍ෂ සාමාජිකයින් විසින් චෝදනා කරයි.

සජිත් ප්‍රේමදාස මහතා විසින් මේ දිනවල නව දිස්ත්‍රික් සංවිධායකවරුන් පත් කරමින් ඉදිරි මැතිවරණවලින් සිය පක්‍ෂය ජයග්‍රහණය කරවීමට ඉතා කැපවීමෙන් කටයුතු කරමින් සිටින බවත් සජිත් රැක ගැනීමේ ව්‍යාපාරය සමඟි ජන බලවේග පක්‍ෂය ජයග්‍රහණය කරවීම සදහා පක්‍ෂ නායකයා වෙත සිය සහයෝගය ලබාදෙන බවත් සජිත් රැක ගැනීමේ ව්‍යාපාරයේ කැඳවුම්කරු ආචාර්ය ඉන්දික උපුල් මහතා විසින් වැඩි දුරටත් ප්‍රකාශ කර සිටී.  

Cham Madhushika

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

පාස්කු ප්‍රහාරයට පිල්ලෙයාන් සෘජුව සම්බන්ධයි – ආරක්ෂක ඇමති කියයි

ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් ආකාරයටම, පාස්කු ඉරිදා

තංගල්ලේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ ලොරි රථ තුනක තිබී සොයාගත් මත්ද්‍රව්‍ය ජාවාරමට

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

පසුගියදා සමඟි ජන බලවේග පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයින්

ඇමරිකන් බද්ද ලංකාවේ ආර්ථිකයට ඉතාම අහිතකරයි..- මහාචාර්ය පියංග දුනුසිංහ

ඇමරිකාව විසින් පනවා ඇති නව තීරු බදු අනුපාතයන් ශ්‍රී ලංකාවේ

බොරු කීවා කියා කෝටි 50ක් වන්දි ඉල්ලා මාලිමා මන්ත‍්‍රීට විරුද්දව නඩු දමයි…

වෙලිගම නාගරික සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම මහතා, ජාතික ජන