ශ්‍රේණිගත කිරීම්වලින් කුසල් ඉහළට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) ඊයේ (8) ප්‍රකාශයට පත්කළ නවතම විස්සයි20 පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම අනුව ශ්‍රී ලංකාවේ කුසල් ජනිත් පෙරේරා 10වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ සිටියි.

ඔහු ස්ථාන 26ක් පසුකරමින් මෙලෙස ඉදිරියට පැමිණ සිටීම විශේෂත්වයක්ය.

කෙසේ නමුත් මෙම ශ්‍රේණිගත කිරීම් අතර පළමු දස දෙනා අතර සිටි පැතුම් නිස්සංක තවම එම ගෞරවය රැකගෙන සිටියි. 

කෙසේ නමුත් ඔහු එක් ස්ථානයක් පසුපසට ගොස් ඇති අතර, මේ වනවිට 7වැනි ස්ථානය හිමිව ඇත.

මේ අතර ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි 7වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට කමිඳු මෙන්ඩිස් සමත්ව සිටියි.

එමෙන්ම ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වල 7වන ස්ථානයේ ප්‍රභාත් ජයසූරිය හිමිකරගෙන සිටියි.

Dilrukshan Lakmal

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව