ශ්‍රී ලංකා නවසීලන්ත ක්‍රිකට් තරඟාවලිය පන්දුවාර 37 කට සීමාවෙයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින ක්‍රිකට් තරගය මේ වනවිට හැමිල්ටන්හිදී පැවැත්වෙයි.

වර්ෂාව හේතුවෙන් තරගය ප්‍රමාද වී ආරම්භ වු අතර තරගය පන්දුවාර 37කට සීමාකර තිබුණි.

තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව නවසීලන්ත කණ්ඩායමට ලබා දුනි.

ඒ අනුව, පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 37 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 255ක් රැස්කළේය.

නවසීලන්ත කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු 31දී දවා ගැනීම අසිත ප්‍රනාන්දු සමත් වුණි.

නමුත් දෙවන කඩුල්ල වෙනුවෙන් පිටියට එක්වූ රචින් රවින්ද්‍ර සහ මාක් චැප්මන් ලකුණු 112ක සබඳතාවක් ගොඩ නගමින් නවසීලන්ත ඉනිම ශක්තිමත් කළේය.

සිය එක්දින දිවියේ දෙවන අර්ධ ශතකය රැස්කළ මාක් චැප්මන් දැවීගියේ ලකුණු 62කටය.

රචින් රවින්ද්‍ර සිය එක්දින දිවියේ සිව්වන වාර්තා කරමින් ලකුණු 79ක් රැස්කළේය.

අනතුරුව ලකුණු 27ක් තුළ කඩුලු 3ක් දවාගනිමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තරගයට අවතීර්ණ වීමට උත්සාහ දැරුවද ඩැරල් මිචෙල් සහ ග්ලෙන් පිලිප්ස් ලකුණු 47ක වේගවත් සබඳතාවක් ගොඩනගමින් නවසීලන්ත ලකුණු පුවරුව තවදුරටත් ශක්තිමත් කළේය.

ග්ලෙන් පිලිප්ස් ලකුණු 22ක් රැස්කළ අතර ඩැරල් මිචෙල් ලකුණු 38යි. 

නවසීලන්ත ඉනිමේ 35 වැනි පන්දුවාරයේ අවසන් පන්දු දෙකේදී කඩුලු දෙකක් දවාගත් මහීෂ් තීක්ෂණ 37 වැනි පන්දුවාරයේ පළමු පන්දුවේදී තවත් කඩුල්ලක් දවාගනිමින් එක්දින තරගයකදී කඩුලු ත්‍රිත්වයක් දවාගත් 7 වැනි ශ්‍රී ලංකා පන්දු යවන්නා බවට පත්වුණි.

මහීෂ් තීක්ෂණ ලකුණු 44කට දවාගත් කඩුළු සංඛ්‍යාව 4කි.

Dilrukshan Lakmal

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

පාස්කු ප්‍රහාරයට පිල්ලෙයාන් සෘජුව සම්බන්ධයි – ආරක්ෂක ඇමති කියයි

ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් ආකාරයටම, පාස්කු ඉරිදා

තංගල්ලේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ ලොරි රථ තුනක තිබී සොයාගත් මත්ද්‍රව්‍ය ජාවාරමට

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

පසුගියදා සමඟි ජන බලවේග පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයින්

ඇමරිකන් බද්ද ලංකාවේ ආර්ථිකයට ඉතාම අහිතකරයි..- මහාචාර්ය පියංග දුනුසිංහ

ඇමරිකාව විසින් පනවා ඇති නව තීරු බදු අනුපාතයන් ශ්‍රී ලංකාවේ

බොරු කීවා කියා කෝටි 50ක් වන්දි ඉල්ලා මාලිමා මන්ත‍්‍රීට විරුද්දව නඩු දමයි…

වෙලිගම නාගරික සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම මහතා, ජාතික ජන