වී සහතික මිල කියන්න බැරිව රජය අර්බුදයක.. ගොවීන් කියන ගාන දුන්නොත් හාල් කිලෝව 300 පනී..

වී සඳහා වන සහතික මිලක් නියම කිරීමේදී රජය විශාල ගැටලුවකට මුහුණපා ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි.

ගොවීන් තම නිෂ්පාදන වියදම ලෙස වී කිලෝවක් සඳහා රුපියල් 110-115ක පමණ මිලක් පෙන්වා සිටියදී ඊට අදාළව සහතික මිලක් නියම කිරීමට නොහැකි වීම හෙහ ගැටළුවයි.

රජය පවසන්නේ වී කිලෝවක නිෂ්පාදන පිරිවැය හා එයින් තුනෙන් එකක මුදලක් එක් කර වී සදහා සහතික මිල ගැසට් කරන බවයි.

ගොවින් පෙන්වා දෙන ආකාරයට රුපියල් 110-115ක නිෂ්පාදන වියදම පිළිගතහොත් සහතික මිල රුපියල් 150ක් ආසන්න වීමේ අවධානමක් ඇත.

එතරම් ඉහළ මිලකට වී කිලෝවක් මිලට ගතහොත් සහල් කිලෝවක් රුපියල් 290 ඉක්මවා ඉහළ යා හැකි බවට දැනටවත් පුරෝකථනය වී ඇත.

මෙම තත්ත්වය මත මහ කන්නයේ වී අස්වැන්න ලැබෙමින් පැවතියත් වී සඳහා වන සහතික මිල මෙතෙක් ගැසට් කිරීමට රජයට හැකියාවක්  ලැබී නැත.

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව