වී මිලදී ගැනීමට ත්‍රිවිධ හමුදා සහාය

එළැඹෙන මහ කන්නයේ වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා ත්‍රිවිධ හමුදා තාක්‍ෂණික සහය හා ශ්‍රම දායකත්වය ලබාදීමට කටයුතු සිදුකරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආරක්‍ෂක අමාත්‍යාංශය වෙත උපදෙස් ලබාදී ඇත.

එමෙන්ම වී අලෙවි මණ්ඩලය හා සතොස සතු අඩුපාඩුකම් පවතින ගබඩා අලුත්වැඩියා කිරීම සඳහා ද ත්‍රිවිධ හමුදා සහාය ලබාගන්නා ලෙස ජනාධිපතිවරයා දැනුම්දී තිබේ.

මේ සම්බන්ධ සම්බන්ධීකරණ සාකච්ඡාවක් වාරිමාර්ග හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද ( 16) කොළඹ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ ආයතනයේදී පැවැත්විණි. 

මෙම සාකච්ඡාවේදී ගබඩාවල පවතින අලුත්වැඩියා කටයුතු සිදුකිරීම සඳහා ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ ශ්‍රම දායකත්වය හා තාක්‍ෂණික දැනුම, යන්ත්‍ර සුත්‍ර යොදා ගැනීම සඳහා ද අවධානය යොමු තිබේ.

ඒ අනුව අස්වනු නෙලන කාලය වනවිට ගබඩාවන් හි පවතින අලුත්වැඩියා කටයුතු මේ මස අවසන් වීමට පෙර නිමාකිරීමට කටයුතු යොදා ඇත.

විශේෂයෙන් මහ කන්නයේ අස්වනු මිලදී ගැනීම සඳහා සුදානම් කිරීමටත්, වී මිලදී ගැනීමෙන් අනතුරුව එම ගබඩා පරිශ්‍රයන් සඳහා ආරක්‍ෂාව සැපයීමටත්, ආරක්‍ෂක අමාත්‍යාංශය සිය එකඟතාවය පළකර තිබේ.

දිවයින පුරා වී අලෙවි මණ්ඩලය සතු ගබඩා 209ක් පවතින අතර, සතොස සතුව ගබඩා 12ක ප්‍රමාණයක් පවතී. 
 

Asanka Wijeweera

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව