විදෙස් ශ‍්‍රමිකයන් ඩොලර් එවීම අඩු කරයි..

විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ මුදල් ලැබීම් ඉකුත් වර්ෂයේ (2024) ඔක්තෝබර් මාසයට සාපේක්ෂව නොවැම්බර් මාසයේ දී ඇමරිකානු ඩොලර් මිලියන 530 දක්වා අඩු වී ඇති බැව් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති වාර්තාවක සඳහන් වෙයි.

ඉකුත් වර්ෂයේ ඔක්තෝබර් මාසයේ දී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ මුදල් ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 588 ක් ලැබී තිබූ අතර නොවැම්බර් මාසයේ දී ප්‍රේෂණ මුදල් ලැබීම් ඇමරිකානු ඩොලර් මිලියන 58කින් අඩු වී තිබුණි.

2023 වර්ෂයේ නොවැම්බර් මාසයේ දී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ මුදල් ලැබීම් ඇමරිකානු ඩොලර් මිලියන 537කි.

කෙසේ වුවද 2024 මාර්තු මාසයේ සිට මාසික විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ මුදල් ලැබීම් අඛණ්ඩව ඇමරිකානු ඩොලර් මිලියන 500 කට වඩා වැඩි මුදලක් ලැබී තිබුණි.

ඉකුත් වර්ෂයේ මුල් මාස 11 දී (ජන – නොවැ.) විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ මුදල් ලැබීම් 2023 වර්ෂයේ මෙම කාල සීමාවට වඩා ඇමරිකානු ඩොලර් මිලියන 5,962 දක්වා සියයට 10.4කින් වර්ධනය වී තිබුණි.

2023 වර්ෂයේ මුල් මාස 11 තුළ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ මුදල් ලැබීම් ඇමරිකානු ඩොලර් මිලියන 5400කි.

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

පාස්කු ප්‍රහාරයට පිල්ලෙයාන් සෘජුව සම්බන්ධයි – ආරක්ෂක ඇමති කියයි

ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් ආකාරයටම, පාස්කු ඉරිදා

තංගල්ලේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ ලොරි රථ තුනක තිබී සොයාගත් මත්ද්‍රව්‍ය ජාවාරමට

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

පසුගියදා සමඟි ජන බලවේග පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයින්

ඇමරිකන් බද්ද ලංකාවේ ආර්ථිකයට ඉතාම අහිතකරයි..- මහාචාර්ය පියංග දුනුසිංහ

ඇමරිකාව විසින් පනවා ඇති නව තීරු බදු අනුපාතයන් ශ්‍රී ලංකාවේ

බොරු කීවා කියා කෝටි 50ක් වන්දි ඉල්ලා මාලිමා මන්ත‍්‍රීට විරුද්දව නඩු දමයි…

වෙලිගම නාගරික සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම මහතා, ජාතික ජන