විදුලි ගාස්තු සංශෝධන යෝජනාව අද මහජන උපයෝගීතා කොමිසමට

විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වන යෝජනාව අද (06) දිනයේ මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත ලබාදෙන බව විදුලිබල මණ්ඩලය පවසයි.

එහි සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා පැවසුවේ අදාළ යෝජනාවලිය අද දිනයේ ලබාදීමට කටයුතු කරන බවය.

පසුගිය ආණ්ඩුව සමයේ වාර්ෂිකව සිව් වතාවක් විදුලි ගාස්තු සංශෝධනය සිදුකළ යුතු බවට යෝජනා වී තිබුණි.

එහෙත් 2023 වසරේදී තෙවරක් සහ මෙම වර්ෂයේදී දෙවරක් විදුලි ගාස්තු සංශෝධනය සිදු කෙරුණි.

කෙසේවෙතත් වත්මන් ආණ්ඩුව වසරකට දෙවරක් විදුලි ගාස්තු සංශෝධනය කිරීමට සැලසුම් කර තිබේ.

ඒ අනුව අද දිනයේ ඉදිරිපත් වන යෝජනාවෙන් ලබන වසරේ පළමු මාස 06 සඳහා වන ගාස්තු සංශෝධනය සිදුකෙරෙණු ඇති බව සඳහන් ය.

අද දිනයේ මහජන උපයෝගීතා කොමිසම වෙත ලබාදීමට නියමිත එම යෝජනාව ලබන වසරේ ජනවාරි මස තුන්වන සතියේ සිට ක්‍රියාත්මක කිරීමට බොහෝ දුරට හැකියාව පවතී.

මේ අතර මෙම වසරේ දෙසැම්බර් මස සිට ක්‍රියාත්මක කිරීම සඳහා විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වන යෝජනාව ඔක්තෝබර් මස 24 වන දින ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසම වෙත ලබාදී තිබුණි.

එමඟින් 6%ක් පමණ විදුලි ගාස්තු පහළ යාමක් සිදුකිරීමට යෝජනාවී තිබූ බව වාර්තා විය.

එහෙත් ලබාදුන් එම යොජනාවලියේ පැවති ප්‍රධාන දෝෂ තුනක් පෙන්වාදුන් මහජන උපයෝගීතා කොමිෂන් සභාව විදුලිබල මණ්ඩලය වෙත පැවසුවේ එය නිවැරදි කරමින් යෝජනාව ලබාදෙන ලෙසය.

ඒ සඳහා සති දෙකක කාලයක් අවශ්‍ය බව විදුලිබල මණ්ඩලය සඳහන් කළේය.

ඒ අනුව නොවැම්බර් මස 8 වනදා දක්වා විදුලිබල මණ්ඩලයට කාලය ලබාදුන් අතර ඔවුන් තවත් සති දෙකක කාලයක් ඉල්ලා සිටීම හේතුවන් නොවැම්බර් මස 22 දක්වා කල් ලබාදීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කළේය.

එහෙත් විදුලිබල මණ්ඩලය තවත් සති දෙකක කාලයක් ඉල්ලා සිටීම හේතුවෙන් අද දිනය දක්වා එම කාලය දීර්ඝ කිරීමට කොමිෂන් සභාව තීරණය කර තිබුණි.

කෙසේ වෙතත් විදුලි ගාස්තු සංශෝධන යෝජනාව අද දිනයේ මහජන උපයෝගීතා කොමිසම වෙත ලබා නොදුනහොත් ගාස්තු සංශෝධනය මහජන උපයෝගීතා කොමිසම විසින් සිදුකරන බව විදුලිබල මණ්ඩලය වෙත ලිපියකින් දැනුම්දී ඇත.

Asanka Wijeweera

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව