විජිතගේ යෝජනාවෙන් සංස්ථාව ඈවර කරයි.

1971 වර්ෂයේදී විශේෂ පාර්ලිමේන්තු පනතකින් පිහිටුවන ලද රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව ඈවර කර එහි සේවකයන් සඳහා ස්වෙච්ඡා විශ්‍රාම යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී ඇත.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා ඇමැතිවරයා ලෙස විජිත හේරත් මහතා විසින් ඉකුත් 01 වැනිදා ඉදිරිපත් කළ මෙම කැබිනට් සංදේශය සඳහා නොවැම්බර් මස 12 වැනිදා පැවති අමාත්‍ය මණ්ඩලයේදී අනුමැතිය ලැබී ඇත.

එම සේවකයන් ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීම සඳහා රුපියල් මිලියන 794ක මූල්‍ය ප්‍රතිපාදනයක් මහා භාණ්ඩාගාරය මගින් එම සංස්ථා සේවකයන් වෙත ලබාදීමට ද මෙම කැබිනට් පත්‍රිකාව මගින් අනුමැතිය ලබාදී ඇත.

රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලය විසුරුවා හැර ඊට අයත් වත්කම් මාර්ග සංවර්ධන අධිකාරියට පැවරීමටත් ඉතිරි කාර්යමණ්ඩලය මාර්ග සංවර්ධන අධිකාරියට අනුයුක්ත කිරීමටත් මෙම කැබිනට් පත්‍රිකාව මගින් නිර්දේශ කර ඇති අතර සංස්ථාව යටතේ නැවත වෙනත් කිසිදු අමතර වැය බරක් මහා භාණ්ඩාගාරය වෙත ඇතිනොවිය යුතු බවට ද නිර්දේශ කර ඇත.

එසේම ඒකාබද්ධ අරමුදලේ පවතින ද්‍රවශීලතාව, ජාතික අවශ්‍යතාවන් මත පදනම්ව ලබාදිය යුතු ප්‍රමුඛතාවන්, මූල්‍ය පිරිවැය පිළිබඳ සාධකයන් සලකා බලා මෙම රුපියල් මිලියන 794ක මුදල මූල්‍යමය අවශ්‍යතාවක් සඳහා අදියරගතව ලබාදීමට ද කැබිනට් අනුමැතිය ලැබී ඇත.

රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවට පසුගිය කාලයේදී රටේ පැවති ආර්ථික අර්බුදය හේතුවෙන් ප්‍රමාණවත් ව්‍යාපෘති නොලැබීම නිසා එම වැඩබිම් පවත්වාගෙන යෑමට නොහැකි විය. මේ හේතුවෙන් එහි සේවකයන්ට වැටුප් ගෙවීමට නොහැකි තත්ත්වයට පත්වූ අතර ඒ අනුව රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ සංස්ථාව, මාර්ග සංවර්ධන අධිකාරියට ඒකාබද්ධ කිරීමට පසුගිය රජයේ ප්‍රවාහන හා මහාමාර්ග ඇමැති බන්දුල ගුණවර්ධන මහතා 2024 අගෝස්තු මස 21 වැනිදා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබුණු අතර ඉකුත් අගෝස්තු මස 21 වැනිදා පැවති කැබිනට් රැස්වීමේදී ඊට අනුමැතිය හිමිවිය.

එහෙත් පසුගිය සැප්තැම්බර් මස 24 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හේතුවෙන් එම යෝජනාව ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ අතර නව රජය බලයට පත්වීමෙන් අනතුරුව නව අමාත්‍යවරයා විසින් නැවත කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන ලදී.

කමල් බෝගොඩ
– Divaina

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

පාස්කු ප්‍රහාරයට පිල්ලෙයාන් සෘජුව සම්බන්ධයි – ආරක්ෂක ඇමති කියයි

ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් ආකාරයටම, පාස්කු ඉරිදා

තංගල්ලේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ ලොරි රථ තුනක තිබී සොයාගත් මත්ද්‍රව්‍ය ජාවාරමට

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

පසුගියදා සමඟි ජන බලවේග පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයින්

ඇමරිකන් බද්ද ලංකාවේ ආර්ථිකයට ඉතාම අහිතකරයි..- මහාචාර්ය පියංග දුනුසිංහ

ඇමරිකාව විසින් පනවා ඇති නව තීරු බදු අනුපාතයන් ශ්‍රී ලංකාවේ

බොරු කීවා කියා කෝටි 50ක් වන්දි ඉල්ලා මාලිමා මන්ත‍්‍රීට විරුද්දව නඩු දමයි…

වෙලිගම නාගරික සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම මහතා, ජාතික ජන