වැව් 125ක් වාන් දමයි… වැව් තුතක් කැඩී යයි..

වව්නියාව දිස්ත්‍රීක්කයට ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාවන් හේතුවෙන් වව්නියාවේ වැව් 125 ක් පමණ මේ වන විට වාන් දමද්දි වැව් 3 ක් කැඩී ගොස් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් පෙන්වා දෙයි.

වැව්නිමා පුරවරය නොහොත් වව්නියාවේ කුඩා වැව්, මධ්‍ය පරිමාණයේ වැව් සහ මහවැව් 600 කට ආසන්න ඇති අතර මේ වන විට සියලුම වැව් වානි දැමීම ආරම්භ වී ඇත.

වව්නියාව සෙට්ටිකුලම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් රාමයන්කුලම් වැව, අරවිතොට්ටම්හි පිහිටි නාගරයාන්කුලම් වැව සහ ඔ්මන්ත මඩත්තුවිලාන්කුලම් වැව අධික වර්ෂාවන් හේතුවෙන් කැඩී ගොස් ඇති අතර කැඩී ගිය වැව් බැම්ම යුදහමුදාව සහ ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව තාවකාලිකව පිලිසකර කිරීමටද පියවර ගෙන ඇත.

කෙසේ වෙතත් කුඩා වැව් වලට අමතරව මහවැව්ද වාන් මට්ටමට පැමිණ ඇති බැවින් වාන් ජලය නිසාවෙන්  පහත්බිම් වල සිටින ජනතාවට ගංවතුර තත්වයක් ඇති වීමට ඉඩ ඇති බැවින් අවධානයෙන් සිටින ලෙසටද වව්නියාව ආපදාකලමනාකරන නිලධාරී කාර්යාලය විසින් ජනතාවට දැනුම් දී ඇත.

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

පාස්කු ප්‍රහාරයට පිල්ලෙයාන් සෘජුව සම්බන්ධයි – ආරක්ෂක ඇමති කියයි

ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් ආකාරයටම, පාස්කු ඉරිදා

තංගල්ලේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ ලොරි රථ තුනක තිබී සොයාගත් මත්ද්‍රව්‍ය ජාවාරමට

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

පසුගියදා සමඟි ජන බලවේග පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයින්

ඇමරිකන් බද්ද ලංකාවේ ආර්ථිකයට ඉතාම අහිතකරයි..- මහාචාර්ය පියංග දුනුසිංහ

ඇමරිකාව විසින් පනවා ඇති නව තීරු බදු අනුපාතයන් ශ්‍රී ලංකාවේ

බොරු කීවා කියා කෝටි 50ක් වන්දි ඉල්ලා මාලිමා මන්ත‍්‍රීට විරුද්දව නඩු දමයි…

වෙලිගම නාගරික සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම මහතා, ජාතික ජන