වැඩ බලන අමාත්‍යවරු 05ක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීනයේ රාජ්‍ය සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව යාම හේතුවෙන් අමාත්‍යාංශ 05ක් සඳහා වැඩබලන අමාත්‍යවරු පත් කර තිබේ.

ජනාධිපතිවරයා යටතේ පවතින ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය සහ මුදල් හා ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යන අමාත්‍යාංශය 03 සඳහා මෙන්ම විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය හා ප්‍රවාහන හා මහාමාර්ග සහ වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය සඳහා වැඩබලන අමාත්‍යවරු පත් කර ඇත.

එසේ පත් කරනු ලැබූ වැඩබලන අමාත්‍යවරු පහත පරිදි වේ.

ඩිජිටල් ආර්ථික වැඩබලන අමාත්‍ය – ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය  එරංග වීරරත්න මහතා

ආරක්ෂක වැඩබලන අමාත්‍ය – ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා

මුදල් හා ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන වැඩබලන අමාත්‍ය – කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක වැඩබලන අමාත්‍ය – විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා 

ප්‍රවාහන හා මහාමාර්ග සහ වරාය හා සිවිල් ගුවන්සේවා වැඩ බලන අමාත්‍ය – ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න කුමාර ගුණසේන මහතා

Asanka Wijeweera

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

පාස්කු ප්‍රහාරයට පිල්ලෙයාන් සෘජුව සම්බන්ධයි – ආරක්ෂක ඇමති කියයි

ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් ආකාරයටම, පාස්කු ඉරිදා

තංගල්ලේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ ලොරි රථ තුනක තිබී සොයාගත් මත්ද්‍රව්‍ය ජාවාරමට

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

පසුගියදා සමඟි ජන බලවේග පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයින්

ඇමරිකන් බද්ද ලංකාවේ ආර්ථිකයට ඉතාම අහිතකරයි..- මහාචාර්ය පියංග දුනුසිංහ

ඇමරිකාව විසින් පනවා ඇති නව තීරු බදු අනුපාතයන් ශ්‍රී ලංකාවේ

බොරු කීවා කියා කෝටි 50ක් වන්දි ඉල්ලා මාලිමා මන්ත‍්‍රීට විරුද්දව නඩු දමයි…

වෙලිගම නාගරික සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම මහතා, ජාතික ජන