වැඩි මිලට විකුණන ගිණි කන වෙලදුන් අල්ලන්න ජනතාවගෙන් ඔත්තු ඉල්ලයි..

එළඹෙන උස්සව සමය හේතුවෙන් අද (25) සිට දිවයින පුරා වැටලීම් සිදුකරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ පාරිභෝගික කටයුතු සහ තොරතුරු අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා පැවසීය.

වැඩි මිලට භාණ්ඩ අලවි කිරීම සහ කල් ඉකුත් වූ භාණ්ඩ පාරිභෝගිකයින් වෙත අලව් කිරීම වැලැක්වීම සඳහා විශේෂ වැටලීම් සිදුකරන බව පැවසීය.

උස්සව සමය වෙනුවෙන් ඉදිවන තාවකාලික වෙළඳ සැල්වලින් භාණ්ඩ මිලදී ගැනීමේදී වඩාත් සැලකිලිමත් වන ලෙස පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලා සිටීයී.

හැකිතාක් භාණ්ඩ මිලදී ගැනීමේදී විශ්වාසය තැබිය හැකි වෙළද සැල්වලින් භාණ්ඩ මිලදී ගැනීමට කටයුතු කරන ලෙස දැනුම් දෙයි.

මිලදී ගන්නා භාණ්ඩ සඳහා පිළිගත හැකි සහතිකයක් ලබා ගැනීමට කටයුතු කරන ලෙස පාරිභෝගික ජනතාවට දැනුම් දෙයි.

යම් තොරතුරක් දැනුම් දීමට ඇත්නම් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ 1977 ක්ෂණික දුරකථන අංකයට ඇමතිය හැකි බව පැවසීය.

එසේ නොවේනම් සෑම දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයකම සිටින සිය අධිකාරියේ නිලධාරීන් දැනුවත් කර හැකි බව වැඩිදුරටත් පැවසීය.

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

පාස්කු ප්‍රහාරයට පිල්ලෙයාන් සෘජුව සම්බන්ධයි – ආරක්ෂක ඇමති කියයි

ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් ආකාරයටම, පාස්කු ඉරිදා

තංගල්ලේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ ලොරි රථ තුනක තිබී සොයාගත් මත්ද්‍රව්‍ය ජාවාරමට

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

පසුගියදා සමඟි ජන බලවේග පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයින්

ඇමරිකන් බද්ද ලංකාවේ ආර්ථිකයට ඉතාම අහිතකරයි..- මහාචාර්ය පියංග දුනුසිංහ

ඇමරිකාව විසින් පනවා ඇති නව තීරු බදු අනුපාතයන් ශ්‍රී ලංකාවේ

බොරු කීවා කියා කෝටි 50ක් වන්දි ඉල්ලා මාලිමා මන්ත‍්‍රීට විරුද්දව නඩු දමයි…

වෙලිගම නාගරික සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම මහතා, ජාතික ජන