වැටුප් වැඩි කරන්නැයි විරෝධතා.. පොලිසිය කැදවයි..

කොත්මලේ ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් රු පන්දහසක වැටුප් වැඩිවිමක් ඉල්ලා දින පහක් තිස්සේ එම කර්මාන්ත ශාලාව ඉදිරිපිට වැඩ වර්ජනය කරමින් උද්ඝෝෂණයක නිරත වෙමින් සිටියි.

සේවක සේවිකාවන් 1080 දෙනෙකු පමණ සේවය කරන එම ඇගළුම් කර්මාන්ත ශාලාව වසර 25 ක් තිස්සේ පවත්වාගෙන යන බවත්, රටේ පවතින ජිවන වියදම අනුව රු පන්දහසක වැටුප් වැඩිවිමක් ලබාදෙන ලෙස සේවක සේවිකාවන් පාලන අධිකාරියෙන් ඉල්ලා සිටියද, පාලන අධිකාරියෙන් රු දෙදහසක් පමණක් වැඩි කරන බවට පොරොන්දු වු බවයි උද්ඝෝෂණයේ නිරතව සිටින සේවක සේවිකාවන් කියා සිටියේ.

රු දෙදහසකට වඩා වැඩි වැටුපක් ලබාදෙන්නේ නම් දැනට සේවක සේවිකාවන්ට ලබාදෙන සුභ සාධන කප්පාදු කිරිමට සිදු වන බව පාලන අධිකාරිය විසින් තමන් වෙත දැනුම් දි තිබෙන බවත්, පවත්නා තත්ත්වය මත මේ වන තෙක් එම ඇගළුම් කර්මාන්ත ශාලාවේ කිසිවෙක් තමන් සමග සාකච්ඡා නොකර ඇගළුම් කර්මාන්ත ශාලාවේ නේවාසිකව රැදි සිටින සේවිකාවන් ඉවත් කර ඇගළුම් කර්මාන්ත ශාලාව වැටුප් රහිතව මේ මස (17) දින දක්වා වසා දමන බවට තමන් වෙත දැනුම් දි ඇති බවයි උද්ඝෝෂණයේ නිරත වන සේවික සේවිකාවන් කියා සිටින්නේ.

කම්කරු කාර්යාලයේ නිලධාරින් පාලන අධිකාරිය සමග මෙම ගැටළුව සම්බන්ධයෙන් සාකච්ඡා කලද එම නිලධාරින් පාලන අධිකාරියේ අතකොළුවක් වි ඇති බවද උද්ඝෝෂකයන් පැවසිය.

ඇගළුම් කර්මාන්ත ශාලාවෙන් දිනපතා ලබාදෙන ඉලක්කයට තමන් උපරිම ශක්තියෙන් වැඩ කලද තමන්ට මාසිකව ලැබෙන්නේ රු 35000 අවම වැටුපක් බවත්, එම වැටුප දැනට රටේ පවතින ජිවන වියදම අනුව ප්‍රමාණවත් නොවන බවත්, එම ඇගළුම් කර්මාන්ත ශාලාවේ සේවය කරන සේවක සේවිකාවන්ගේ සෞඛ්‍ය තත්ත්වය පවා නොසලකමින් පාලන අධිකාරිය තමන්ගෙන් වැඩ ලබා ගන්නා බවයි උද්ඝෝෂණයේ නිරත වන පිරිස කියා සිටියේ.

ඇගළුම් කර්මාන්ත ශාලාව වසා දමන්නේ නම් තමන්ට ඒ සදහා වන්දි මුදලක් ලබාදෙන ලෙස උද්ඝෝෂකයන් වැඩිදුරටත් කියා සිටියි.

එම ඇගළුම් කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් ආරම්භ කර ඇති වැඩි වර්ජනය හේතුවෙන් ඇගළුම් කර්මාන්ත ශාලා පරිශ්‍රයට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා ඇත.

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

පාස්කු ප්‍රහාරයට පිල්ලෙයාන් සෘජුව සම්බන්ධයි – ආරක්ෂක ඇමති කියයි

ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් ආකාරයටම, පාස්කු ඉරිදා

තංගල්ලේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ ලොරි රථ තුනක තිබී සොයාගත් මත්ද්‍රව්‍ය ජාවාරමට

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

පසුගියදා සමඟි ජන බලවේග පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයින්

ඇමරිකන් බද්ද ලංකාවේ ආර්ථිකයට ඉතාම අහිතකරයි..- මහාචාර්ය පියංග දුනුසිංහ

ඇමරිකාව විසින් පනවා ඇති නව තීරු බදු අනුපාතයන් ශ්‍රී ලංකාවේ

බොරු කීවා කියා කෝටි 50ක් වන්දි ඉල්ලා මාලිමා මන්ත‍්‍රීට විරුද්දව නඩු දමයි…

වෙලිගම නාගරික සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම මහතා, ජාතික ජන