වාතය දූෂිත වෙයි.. මුව ආවරණ පළදින්නැයි දන්වයි..

ප්‍රදේශ කිහිපයක වායු ගෝලයේ ගුණාත්මක භාවය පහලගොස් ඇතිබව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ වායූගෝලතත්ව ඒකකයේ අධ්‍යක්ෂ සරත් ප්‍රේමසිරි මහතා පැවසීය.

ඉන්දීය අර්ධද්වීපයේ සිට හමා එන සුළං ප්‍රවාහය මෙම තත්ත්වයට හේතුවී තිබේ.

එම සුළං ප්‍රවාහ ෆෙන්ගල් සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් දිවයින හරහා ගමන් කරන බව පැවසීය.

සාමාන්‍යයෙන් වායු ගෝලයේ වායු ගුණාත්මක දර්ශකය 50 අඩු විය යුතුය.

එහෙත් බොහෝ ප්‍රදේශ වල අගය මේ වනවිට පවතිනුයේ 100 වැඩියෙන්ය.

කොළඹ නගරයේ වායු ගුණාත්මක දර්ශකය 108ත්116 අතර පවතියි.

යාපනය දිස්ත්‍රික්කයෙ එම අගය දැක්වෙනුයේ 112ත්120 අතර බව පැවසීය.

දිවයින පුරා දැනට පවතින වායු ගෝලයේ ගුණාත්මක භාවය ස්වසන අපහසුතා පවතින සංවේදී පුද්ගලයන්ට අහිතකර බව එහිදී පැවසීය.

එම තත්ත්වය ඉදිරි දින කිහිපයේදී සම්පූර්ණයෙන්ම පහව යනු ඇතිබව පැවසීය.

වායු ගෝලයේ ගුණාත්මක භාවය අඩු ප්‍රදේශ වල ජනතාවට මුව ආවරණ පළඳින ලෙස දැනුම් දෙන බව වැඩිදුරටත් පැවසීය.

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව