අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා.
ඒ අනුව ලංකා සුපිරි ඩීසල් මිල රුපියල් 18කින් වැඩි කර ඇත.
ඒ අනුව එහි නව මිල රුපියල් 331ක් වේ.
කෙසේ වෙතත්, අනෙකුත් මිල ගණන් නොවෙනස්ව පවතින බව ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සදහන් කළේ ය.
ඒ අනුව ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් ලීටරයක් රු.309.00ක් ද, ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන් යුරෝ 4 ලීටරයක් රු.371.00 ක් ද, ලංකා සුදු ඩීසල් ලීටරයක් රු.286.00 ක් ද, ලංකා භූමිතෙල් ලීටරයක් රු.183.00ක් ද මිල ගණන් නොවෙනස්ව පවතී.










