ලොහාන්ට ඇප

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා ඇප මත මුදා හැරීමට අධිකරණය අද නියෝග ක‌ළේ ය.

ඒ, කොල්ලුපිටියේදී පසුගිය 06 වැනිදා සිදුවූ රිය අනතුරකට අදාළ නඩුව අද කැදවු අවස්ථාවේදී ය.

සැකකාර හිටපු රාජ්‍ය අමාත්‍යවරයා විවෘත අධිකරණය හමුවේ, රිය අනතුරේ අනෙක් පාර්ශවයෙන් සමාව අයැද සිටියේ ය.

පොලිසිය පැවසුවේ, දෙපාර්ශවයේ සමතය සැලකිල්ලට ගෙන කොටුව මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය විසින් රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 2 ක් මත සැකකාර හිටපු රාජ්‍ය අමාත්‍යවරයාට ඇප නියම කළ බවයි.

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පසුගිය 06 වැනිදා පස්වරුවේ අත්අඩංගුවට ගැනුණේ කොල්ලුපිටිය හංදියේ සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් ය.

ඒ ලොහාන් රත්වත්තේ මහතා පැදවූ ඩිෆෙන්ඩර් රථය මෝටර් රථයක ගැටී අනතුර සිදුව තිබුණි.

අධිකරණයේදී කොල්ලුපිටිය පොලිසියේ විමර්ශන නිලධාරීන් පැවසුවේ සැකකරු බීමතින් රිය ධාවනය කර අනතුරක් සිදු කිරීමේ ඇතුළු චෝදනා කිහිපයක් මත අත්අඩංගුවට ගත් බවයි.

අනතුර සිදුවන අවස්ථාවේ සැකකරු අනතුරුදායක ඖෂධයක් භාවිත කර සිට ඇති බවට විමර්ශන වලින් අනාවරණය වී ඇති බව ඔවුන් පැවසුවේ ය.

විමර්ශන නිලධාරීන් වැඩිදුරටත් කරුණු දක්වමින් පවසා සිටියේ සාපරාධී බිය වැද්දවීම, බැණ මරණීය තර්ජනය කිරීම යන චෝදනා යටතේ සැකකාර ලොහාන් රත්වත්තේට එරෙහිව තවත් නඩුවක් ගොනු කර ඇති බවයි.

එමෙන්ම සැකකරු දැනටත් අධිකරණය භාරයේ සිටින පුද්ගලයෙකු බවද එහිදී ප්‍රකාශ විය. 

Asanka Wijeweera

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

පාස්කු ප්‍රහාරයට පිල්ලෙයාන් සෘජුව සම්බන්ධයි – ආරක්ෂක ඇමති කියයි

ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් ආකාරයටම, පාස්කු ඉරිදා

තංගල්ලේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ ලොරි රථ තුනක තිබී සොයාගත් මත්ද්‍රව්‍ය ජාවාරමට

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

පසුගියදා සමඟි ජන බලවේග පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයින්

ඇමරිකන් බද්ද ලංකාවේ ආර්ථිකයට ඉතාම අහිතකරයි..- මහාචාර්ය පියංග දුනුසිංහ

ඇමරිකාව විසින් පනවා ඇති නව තීරු බදු අනුපාතයන් ශ්‍රී ලංකාවේ

බොරු කීවා කියා කෝටි 50ක් වන්දි ඉල්ලා මාලිමා මන්ත‍්‍රීට විරුද්දව නඩු දමයි…

වෙලිගම නාගරික සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම මහතා, ජාතික ජන