ලොකු පැටී ගැන අලුත්ම අනාවරණය

සුජීව රුවන් කුමාර නොහොත් ලොකු පැටී නැමැත්තා තවමත් බෙලරූස් රාජ්‍යයේ අත්අඩංගුවේ පසුවන බව නව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ බුද්ධික මනතුංග මහතා පැවසීය.

අභිනව තනතුරේ වැඩ භාරගැනීමෙන් අනතුරුව ඊයේ කන්තලේ දී (05) පැවැත්වූ පළමු මාධ්‍ය සාකච්ඡාවේදී ඒ මහතා මේ බව පැවසීය.

ලොකු පැටී නොහොත් සුජීව රුවන් කුමාර නැමැත්තා එම බෙලාරූස් බලධාරීන් විසින් නිදහස් කර ඇති බවත් එය සමරමින් නොයෙකුත් සාද පවත්වා ඇති බවත් පසුගියදා වාර්තා විය. 

“මේ පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව බෙලරූස්හි ජාත්‍යන්තර පොලිස් ඒකකය හරහා විමසීමක් සිදුකිරීමෙන් පසුව ඔවුන් විසින් ඊයේ දිනයේදී අප වෙත දන්වා තිබෙනවා එම සැකකරු තවදුරටත් අත්අඩංගුවේ සිටින බවටත්, ඔහු කිසිසේත්ම නිදහස් කිරීමක් සිදුකර නොමැති බවට. ඔහු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා උදර්පන නීතිය යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට අවශ්‍යකරන ක්‍රියාමාර්ග ගෙන අවසන්.”

ඉකුත් ජූලි මස 8 වැනිදා වෙඩි තබා ඝාතනය කෙරුණු සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඝාතනයේ ප්‍රධාන සැකකරු වන ‘ලොකු පැටී’ නැමැත්තා බෙලරූස් රාජ්‍යයේදී පසුගිය දිනෙක අත්අඩංගුවට පත්වි ය.

ක්ලබ් වසන්ත ඝාතනය සඳහා භාවිත කළ වෙඩි උණ්ඩවල ‘කේ.පී.අයි.’ ලෙසින් සටහන් කර තිබීම හේතුවෙන් කංජිපානි ඉම්රාන් නැමැති පාතාල සාමාජිකයා ද එම ඝාතනයට සම්බන්ධ බවට පොලීසිය සැක පළ කළේය.

පසුව පොලිස් විමර්ශනවලදී අනාවරණ වුණේ මොවුන් තිදෙනාම විදෙස් රටක සැඟව සිටිමින් මෙම ඝාතනය මෙහෙයවා තිබූ බවට ය.

එවන් පසුබිමක් තුල ලොකු පැටී නැමැත්තා ඩුබායීහී සිට බෙලරූස් රාජ්‍යයට පළාගොස් සිටියදී එරට ආරක්ෂක අංශ මඟින් අත්අඩංගුවට ගෙන ඇති බවට විදෙස් මාධ්‍ය අනාවරණය කරන ලදි.

Asanka Wijeweera

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව