ලුණු රටින් ගේන්න අනුමැතිය ඉල්ලුවා…

ලුණු ආනයනයට සමාගම් ආණ්ඩුවෙන් අවසර ඉල්ලා ඇතිබව වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසීය.

ලුණු නිෂ්පාදනය කිරීමේදී මතුව ඇති ප්‍රායෝගික ගැටලු කිහිපයක් පෙන්වාදෙමින් සමාගම් අදාළ යෝජනාවලිය ඉදිරිපත් කර තිබේ.

කර්මාන්ත අමාත්‍යාංශය හා සාකච්ඡා කර ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිත බව අමාත්‍යවරයා පැවසීය.

මේ අතර අප කල විමසීමේදී ලංකා ලුණු සමාගමේ සාමාන්‍යාධිකාරී ආර්.එම්.ගුණරත්න මහතා සඳහන් කර සිටියෙ මේ වනවිට ලුණු මෙට්‍රික් ටොන් 12ක සංචිතයක් පවතින බවයි.

එය මාස 02ක කාලයකට ප්‍රමාණවත් බව පැවසීය.

පැවති වර්ෂාධික කාලගුණ තත්ත්වයත් සමග පසුගිය සමයේ ලුණු නිෂ්පාදනය අඩු විය.

ඉදිරියේදී ඇතිවිය හැකි වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ලුණු නිෂ්පාදනයට පවතින අවධානම අවම කිරීම සඳහා ආනයනය කිරීමට ආණ්ඩුවෙන් අවසර ඉල්ලු බව පැවසීය.

මේ වනවිට පරිභෝජනය සඳහා අවශ්‍ය වන ලුණු තොග රට තුළ පවතියි.

එහෙත් ඇතමුන් ලුණු හිඟයක් ඇතැයි පවසමින් මිළ ගණන් සීඝ්‍රයෙන් ඉහළ දමා ඇතිබවට තොරතුරු ලැබී ඇතිබව වැඩිදුරටත් පැවසීය.

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

පාස්කු ප්‍රහාරයට පිල්ලෙයාන් සෘජුව සම්බන්ධයි – ආරක්ෂක ඇමති කියයි

ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් ආකාරයටම, පාස්කු ඉරිදා

තංගල්ලේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ ලොරි රථ තුනක තිබී සොයාගත් මත්ද්‍රව්‍ය ජාවාරමට

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

පසුගියදා සමඟි ජන බලවේග පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයින්

ඇමරිකන් බද්ද ලංකාවේ ආර්ථිකයට ඉතාම අහිතකරයි..- මහාචාර්ය පියංග දුනුසිංහ

ඇමරිකාව විසින් පනවා ඇති නව තීරු බදු අනුපාතයන් ශ්‍රී ලංකාවේ

බොරු කීවා කියා කෝටි 50ක් වන්දි ඉල්ලා මාලිමා මන්ත‍්‍රීට විරුද්දව නඩු දමයි…

වෙලිගම නාගරික සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම මහතා, ජාතික ජන