ලාල් කාන්ත ප්‍රසිද්ධියේම කරපු වැරදි පිළිගනියි

අමාත්‍ය ලාල් කාන්ත මහතා විසින් උපාධිධාරීන්ට රජයේ රැකියා දෙන ලෙස තමන් ඇතුළු කණ්ඩායම් පාරට බැස විරෝධතා කළද එහි ප්‍රතිඵල දැන් පෙනෙන්න ඇති බව ප්‍රකාශ කරයි.

එසේම ඔහු විසින් රජය රැකියා ලබාදීමේ ආයතනයක් නොවන බව පවසයි.

එසේම මේ රටේ කඩා වැටීමට තමන් ඇතුළුව සියලු දෙනා වගකිය යුතු බවද පවසා සිටියි.

ඔහු මේ බව කියා සිටියේ ඔහුගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ නියාමනය අනුව යුරෝපා සංගමයේ ආධාර යටතේ ශ්‍රී ලංකාවට ලැබුණු බීජ වී සැකසීමේ යන්ත්‍ර සහ බීජ වී වියලීමේ යන්ත්‍ර මහා ඉළුප්පල්ලෙම බීජ පර්යේෂණ ආයතනය වෙත ලබාදීමේ අවස්ථාවේදියි.

ඒ අනුව ඔහු වැඩිදුරටත් පැවසුවේ,

‘‘රාජ්‍ය සේවයට දැන් මේ අවුරුද්දේ බඳව ගන්න ඕනේ 30,000ක්. හැබැයි උපාධිධාරයන්ට කියන්න ඕන රජයේ රස්සා බලන්න එපා. රජය රැකියාදීමේ ආයතනයක් නෙමෙයි. ඒවට අපිත් වග කියන්න ඕන නේද. ඒවට අපිත් වග කිය යුත්තෝ. අපිනෙ කිව්වේ උපාධිධාරයන් ඔක්කොටම ජොබ් දීපියව් පුරෝපියව් කියලා සටන් කරලා පාරට බැහැලා. දැන් දුන්නා දීමක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල කරන්න දෙයක් නැහැ උන්ට. ප්‍රාදේශීය ලේකම් තුමන්ලා කියනවා එන්න එපා බදාදට ඇවිල්ල අත්සන් කරලා යන්න. උඹල ගෙදර ඉන්න එක වාසී මෙහෙනවට වඩා. මෙහෙ ආවම පොඩි ෆෑන් එකක් හරි දාගන්න වෙනවා ලයිට් එකක් හරි දාන්න වෙනවා. ඒ කියන්නේ මේ කතා කරන මමත් ඔබත් මේ රටේ කඩා වැටීමට වගකිව යුතුයි’’

Asanka Wijeweera

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව