ලබන සතිය අවසන් වනවිට සහල් හිඟයට විසඳුම්…

ලබන සතියේ අග වන විට වෙළඳපොළේ පවතින සහල් හිඟය අවසන් කිරීමට කටයුතු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා පැවසීය.

මේ වනවිට දිවයිනේ ප්‍රධාන වී මෝල් වෙත පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේයේ නිලධාරීන් යොමු කිරීමට කටයුතු කර ඇති බව පැවසීය.

ඒ අනුව අද (08) දිනයේ පොලොන්නරුව සහ හම්බන්තොට වී මෝල් පරීක්ෂා කිරීම සහ සහල් තොග නිකුත් කිරීම සොයා බැලීම සිදුවිය.

ඒ අනුව අද සිට එම නිලධාරීන් දිනපතා වී මෝල් හිමියන්ගෙ සහල් සහ වී තොග සම්බන්ධ වාර්තා ලබා ගන්නා බව පැවසීය.

එම වාර්තා වෙළද අමාත්‍යාංශ වෙත භාරදීමට කටයුතු කරන බව එහිදී පැවසීය.

මේ අතර ඊයේ (07) දිනයේ ගත් තීරණයට අනුව සහල් පාලන නව මිල සම්බන්ධ ගැසට් නිවේදනය කඩිනමින් නිකුත් කිරීමට කටයුතු කරන බව අධ්‍යක්ෂවරයා පැවසීය.0

ගොවියාට සාධාරණ මිලක් ලබාදීම සහ පරිභෝගියාට සාධාරණ මිලකට සහල් ලබාදීම අරමුණු කර ගනිමින් මෙලෙස සහල් පාලන මිලේ සංශෝධනයක් සිදුකළ බව වැඩිදුරටත් පැවසීය.

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

පාස්කු ප්‍රහාරයට පිල්ලෙයාන් සෘජුව සම්බන්ධයි – ආරක්ෂක ඇමති කියයි

ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් ආකාරයටම, පාස්කු ඉරිදා

තංගල්ලේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ ලොරි රථ තුනක තිබී සොයාගත් මත්ද්‍රව්‍ය ජාවාරමට

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

පසුගියදා සමඟි ජන බලවේග පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයින්

ඇමරිකන් බද්ද ලංකාවේ ආර්ථිකයට ඉතාම අහිතකරයි..- මහාචාර්ය පියංග දුනුසිංහ

ඇමරිකාව විසින් පනවා ඇති නව තීරු බදු අනුපාතයන් ශ්‍රී ලංකාවේ

බොරු කීවා කියා කෝටි 50ක් වන්දි ඉල්ලා මාලිමා මන්ත‍්‍රීට විරුද්දව නඩු දමයි…

වෙලිගම නාගරික සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම මහතා, ජාතික ජන