කෝවිලගේ ඇන්ටන් විජය කුමාරතුංග ඒමත් නැත්නම් අපි කවුරුත් දන්න විජය කුමාරතුංගයන්ගෙ ජන්ම දිනය යෙදිල තියෙන්නෙ අද වගේ දවසක. ඔහු ඉපදෙන්නෙ 1945 ඔක්තෝම්බර් 9 වෙනිද ජායලදි.පියා කෝවිලගේ බෙන්ජමින් කුමාරතුංග සහ මව ක්ලේරා බ්‍රියට්‍රිස් පෙරේරා.සිඩ්නි ,විවියන් සහ රූපා යන සහෝදර සහෝදරියන් තුන් දෙනෙක්ගෙන් යුත් පවුලක.
කුඩා කාලෙ ඉදන්ම විජය ගායනය රංගනය ගැන ඇල්මක් දැක්වුවා කියල තමා කියන්නෙ.








ලංකාවෙ සිනමාවෙ ස්වර්ණමය යුගයෙදි සුපිරි වීරයාගෙ චරිතය ඒමත් නැත්නම් තරුණියන්ගෙ ආකර්ශනය දිනා ගන්නා සිහින කුමාරය වෙන්නෙ විජය.
1969 දී සුගතපාල සෙනරත් යාපා ආධ්‍යක්ෂණය කරන හන්තානේ කතාවෙ බන්දු ගෙ චරිතයෙන් තමයි විජය සිනමාවට අවතීරණය වෙන්නෙ.නමුත් සිනමා ඉතිහාසයේ සදහන් වෙන විදියට විජයගෙ පළමු රගපෑම වෙන්නෙ 1966 දි විතර මනමාලයෝ කියන චිත්‍රපටය.
දශක දෙකකට වඩා අදික කාලයක් සිනමාවේ වීරයා ලෙස වැජබෙන්නට විජය සුදුසුකම් ලබනව.චිත්‍රපට 120කට පමණ රගපෑමෙන් දායක වෙන්න විජය වාසනාවන්ත වෙනව.අහස් ගව්ව, එයා දැං ලොකු ළමයෙක්, පොන්මනි, බඹරු ඇවිත් , ගග අද්දර ,බැද්දෙගම , පාරදිගේ , කැඩපතක චායා,මහ ගෙදර ක්‍රිස්තු චරිතය ලංකාව තුල ඉතා ප්‍රසිද්ධ වුණ චිතපට වනවා.
විජය චිත්‍රපට පසුබිම් ගායකයකු ලෙස ගීත 100කට අධික සංඛ්‍යාවක් ගායනා කර තිබෙනවා.මෙයින් බහුතරයක් ගීත අදටත් ඉතා ප්‍රසිද්ධයි.
ඒ වගේම වරදට දඩුවම් සහ සමාව යන ෆිල්ම් දෙක නිශ්පාදනය කිරීමෙන් විජය ලාංකීය සිනමාවට දායක වෙනවා.නමුත් අවාසනාවකට මේ චිත්‍රපට දෙකම තිරගත වෙන්නෙ විජයගෙ සමුගැනීමෙන් පසුවයි.
1983 ඉදන්1988 වෙනකම්ම සරසවි සම්මාන ජනප්‍රියම නළුව වෙන්නෙ විජය.1989 OCIC සහ ස්වර්ණ ශංක සිනමා උළෙලවලදී කැඩපතක චායා චිත්‍රපටයේ ධනරත්නගේ චරිතය හොදම නළුවාට හිමි සම්මානය දිනා ගන්නකොට විජය ජීවතුන් සිටියේ නෑ.
සහරාවේ සිහිනය චිත්‍රපටයේ එන “වලාකුලක් ගැන මුවා කරමු හිරු ” ගීතයට සහ දොලොස්මහේ පහන ච්ත්‍රපටයේ එන “සරා ගුවන විදා නැගුණ” යන ගීත උදෙසා හොදම පසුබිම් ගායකයා ලෙස සරසවි සම්මාන ලබන්නත් විජය සුදුසුකම් ලබනවා.
1978 දී චන්ද්‍රිකා බණ්ඩාරණායක සමග විවාහ දිවියට එළබෙන විජය යශෝදරා සහ විමුක්ති යන දරු දෙදෙනාගේ පියාද වනවා.
ලාංකීය සිනමාවෙ වගේම දේශපාලනයෙත් නමක් තියන්න විජය සමත් වෙනවා.ලංකා සම සමාජ පක්ශයෙන් දේශපාලනය අරඹන විජය ලංකා මහජන පක්ෂයේ නිර්මාතෲ වරයා වනාවා.දේශපාලනය නිසා හිරබත් කෑමට පවා විජයට සිද්දවෙනවා.
1988 පෙබරවාරි 16 වෙනිද සාහසික වෙඩි පහරකින් රසික හදවත් දිනාගත් සිහින කුමාරයා අවුරුදු 42 වැනි වයසකදි රසික හදවත් හඩවමින් ජීවිතයෙන් සමු ගන්නව.අද සිටියානම් විජයගේ වයස අවුරුදු 76ක්.සමහරවිට දේශපාලනයට නොගියානම් අද දවසෙදිත් සිනමාවේ නොමැකෙන මතක ටිකක් එකතු කරන්න විජයට නොවනුමානව හැකිවෙනු ඇති.
විජයගේ පුත් Vimukthi Kumaratunga තමාගේ ෆේස්බුක් පිටුවේ මෙවැන්නක් තම පියා වෙනුවෙන් සටහන් කර තිබුණා.මේ කෙටි සටහන ලීවෙ ඒ වෙනුවෙන්…
“අද තාත්තාගේ උපන් දිනය..හිටියා නම් 76ක්..තාත්තා අහිමි කළ මිනිසුන්ට ඇත්තේ කුමන සැනසීමක් ද ?..”
විජය කුමාරතුංග සහෘදයාණනි ඔබ ලාංකීය හදවත් තුළ සදා අමරණීයයි….
සටහන – Lakshan Prasad Weerasena











