ලංකාවට වාහන එවන්න ජපානයේ බැංකු අවුලක..

වාහන ආනයනය කිරීමට අදාල ණයවරය ලිපි ශ්‍රී ලංකා රජය විසින් අත්හිටුවීම සම්බන්ධයෙන් ජපානයේ කැළලක් පවතින බව ජපානයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලය සඳහන් කරයි.

එහි සභාපති ජගත් රාමනායක මහතා පෙන්වා දෙන්නේ එය මෙතරම් කාලයක් මෙරටට නොදැනුනේ මෙරට වෙළඳපොළ වසාගෙන සිටීම නිසා බවය.

පෙබරවාරි මාසයේදී වාහන ආනයනය සඳහා නැවත රට විවෘත කරන විට ජපානයේ බැංකු කොයි ආකාරයෙන් ක්‍රියා කරාවිදැයි නොදන්නා බවද ඒ මහතා කියා සිටියි.

ශ්‍රී ලංකාවේ ණයවර ලිපි පිළිගැනීම සම්බන්ධයෙන් ජපානයේ බැංකු කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් මෙතෙක් පැහැදිලිතාවයක් නැති බවද පැවසූ ඔහු කෙසේ වෙතත් ජපාන බැංකුවලින් හොඳ ප්‍රතිචාරයක් බලාපොරොත්තු වන බවත් පැවසීය.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩසටහන සමග ඉදිරියට පැමිණ ඇති බවට දත්ත මේ වන විටත් ජපානයට ලබා දී ඇති බවද ඔහු තවදුරටත් පැවසුවේය.

කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

පාස්කු ප්‍රහාරයට පිල්ලෙයාන් සෘජුව සම්බන්ධයි – ආරක්ෂක ඇමති කියයි

ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් ආකාරයටම, පාස්කු ඉරිදා

තංගල්ලේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ ලොරි රථ තුනක තිබී සොයාගත් මත්ද්‍රව්‍ය ජාවාරමට

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

පසුගියදා සමඟි ජන බලවේග පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයින්

ඇමරිකන් බද්ද ලංකාවේ ආර්ථිකයට ඉතාම අහිතකරයි..- මහාචාර්ය පියංග දුනුසිංහ

ඇමරිකාව විසින් පනවා ඇති නව තීරු බදු අනුපාතයන් ශ්‍රී ලංකාවේ

බොරු කීවා කියා කෝටි 50ක් වන්දි ඉල්ලා මාලිමා මන්ත‍්‍රීට විරුද්දව නඩු දමයි…

වෙලිගම නාගරික සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම මහතා, ජාතික ජන