රෝහල්වල මහ වැඩ වර්ජනයක් සූදානම්..

රෝහල් කාර්ය මණ්ඩල සඳහා ඇඟිලි සලකුණු යන්ත්‍ර අනිවාර්ය කිරීමට ගෙන ඇති තීරණය කොටසකට පමණක් බලාත්මක කරන්නේ නම් ඉදිරියේදී දැඩි වෘත්තිය ක්‍රියාමාර්ග ගන්නා බවට සෞඛ්‍ය වෘත්තීය සමිති නියෝජිතයෝ අනතුරුව අඟවති.

රෝහල්වල සෞඛ්‍ය කාර්ය මණ්ඩල සේවයට පැමිණීම හා පිටවීම සඳහා ඇඟිලි සලකුණු යන්ත‍්‍ර වෛද්‍යවරුන්ට හැර අනෙකුත් කාර්ය මණ්ඩල සඳහා පමණක් ම අනිවාර්ය කර ඇතැයි එම වෘත්තිය සමිති පෙන්වා දෙයි.

සෞඛ්‍ය පද්ධතියට ඇඟිලි සලකුණු යන්ත්‍ර ක්‍රියාත්මක කරන්නේ නම් සමස්ථ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය වෙනුවෙන් ක්‍රියාත්මක කළ යුතු බව ඔවුන් පෙන්වා දෙයි.

ශ්‍රේණි දෙකකට පමණක් විශේෂත්වයක් දක්වා ඇඟිලි සලකුණු යන්ත්‍ර ක්‍රියාත්මක කළහොත් අනෙකුත් වෘත්තිය සමිති සමඟ පාරට බසින බවද රජයේ විකිරණවේදීන්ගේ සංගමය කියා සිටී.

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව