රුපියල් බිලියන 4,500ට වැඩි ආදායමක් මේ වසරේ පෙන්වන්නැයි IMF දන්වලා..

රුපියල් බිලියන හාරදාස් පන්සීයකට අධික ප්‍රමාණයක් මේ වසරේ හොයාගන්නැයි ජාත්‍යන්තර මුල්‍ය අරමුදල දන්වා ඇතැයි එක්සත් ජනරජ පෙරමුණේ නායක, හිටපු ඇමති පාඨලී චම්පික රණවක මහතා පවසයි.

විදුලි ගාස්තු සම්බන්ධයෙන් අදහස් විමසීම සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම විසින් සංවිධානය කරන ලද සාකච්ඡාව සඳහා එක්වෙමින් ඔහු මේ බව පැවසුවේය.

‘අද මේ රට පාලනය කරන, ජාත්‍යන්තර මූල්‍යය අරමුදල, අපේ ක්‍රිස්ටියානා ජෝර්ජියාවා මැතිනිය, එතුමිය දීලා තියෙනවා ආණ්ඩුවට ඉලක්කයක්. බිලියන් හාරදාස් පන්සීයකට අධික ප්‍රමාණයක් මේ වසරේ හොයාගන්න කියලා. ඒ හොයාගන්න යන්නේ මේ බද්දයි, තෙල් බද්දයි. ඒ බදු දෙකෙන් බිලියන හාරසීයක් එකතු කරගත යුතුයි. එහෙම වුණොත් තමයි මේ හාරදාස් පන්සීය ගන්න පුළුවන්. ඇත්ත ඕකයි. ඒ ඇත්ත කියන්නේ නැතුව, මේ ව්‍යාජ ඉලක්කම් පෙන්වීම, රට නොමඟ යැවීමක්, දේශපාලන නොමඟ යැවීමක්, සහ අනෙකුත් කාරණා.

ඒ නිසා අපි  ඉල්ලන්නේ වෙන මොකුත් නෙවෙයි, කරුණාකරලා අපෙන් වැඩියෙන් අයකරගත්ත ටික, අපේ ජනතාවට දෙන්න පාඩුවක් සිද්ධ වුනොත් ඔය කියන විදියට ලංකා විදුලිබල මණ්ඩලය කියන විදියට වහින්නෙ නැතුව ඉඳලා එහෙම ප්‍රශ්නයකුත් ඊළඟ හය මාසෙදි ඒක ගන්න. ඒක තමයි විද්‍යාත්මක ක්‍රමවේදය.

අනාගතය සඳහා පුරෝකථනය කරලා අය ක්‍රම හදන්න බෑ. අතීතයට ගැලපෙන විදිහට හදන්න. ඒ වගේම ලංකා විදුලිබල මණ්ඩලයට ඉලක්ක දෙන්න. මෙහෙ කොහෙවත් නෑ කරන්න මෙච්චර කියලා. ඔබගේ කාර්යක්ෂමතාවය නංවන්න එකක් නෑ. කිසිම දෙයක් නෑ. ලංකා විදුලිබල මණ්ඩලයේ ඔක්කොම ප්‍රශ්න ටික මෙතෙන්ට දාලා තියෙනවා.

දැන් ගිය අවුරුද්දේ විදුලි කප්පාදුවක් වුණා සමනල වැව. මොකක්ද? සමනල වැව හිඳුනා. හරි. මොකද හේතුව? හම්බන්තොටට ගහන්න ගිය එක නිසි කාලෙදි ඉවර කලේ නෑ. මීටර් පොඩි ගානක ප්‍රශ්නයක් මත අවුරුදු තුනක් පාඩු කළා. රටට කොච්චර පාඩු උනාද? ගොවියන්ට කොච්චර පාඩු උනාද? ලංකා විදුලිබල මණ්ඩලයේ එක බාරව හිටපු ඉංජිනේරුවට ගත්ත ක්‍රියාමාර්ගය මොකක්ද? කීදෙනෙක්ට මෙහෙම වෙලා තියෙනවද? මේ ඔක්කොම අන්තිමට යනවා මහජනයා පිටින්.

ඉතින් ඒක නිසා කරුණාකරලා ඔවුන්ට කේ. පී. අයි. අඳුන්නලා දීලා ඔවුන්ටත් දෙන්න ඉලක්කයක් බිලියන මෙච්චර ගානක් ඉතුරු කරන්න. එහෙම වුනොත් තමයි ඒගොල්ලෝ වැටුප් වර්ධක ලැබෙන්නේ කියලා. එහෙම නැතුව ඒගොල්ලන්ගේ බලය පාවිච්චි කරලා ඒ කටයුත්ත කරන්න දෙන්න එපා. අනාගතය පුරෝකථනය කරලා විදුලි බිල් ගහන්න බෑ. බදු ගහන්න බෑ. අතීතයේ තත්ත්වය බලලා ඒ සහනය ලබා දීලා, ආර්ථිකයත්, අපේ ජනතාවත් ගලවගන්න කියලා ඔබතුමාලගෙන් ඉල්ලා හිටිනවා.”

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

පාස්කු ප්‍රහාරයට පිල්ලෙයාන් සෘජුව සම්බන්ධයි – ආරක්ෂක ඇමති කියයි

ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් ආකාරයටම, පාස්කු ඉරිදා

තංගල්ලේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ ලොරි රථ තුනක තිබී සොයාගත් මත්ද්‍රව්‍ය ජාවාරමට

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

පසුගියදා සමඟි ජන බලවේග පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයින්

ඇමරිකන් බද්ද ලංකාවේ ආර්ථිකයට ඉතාම අහිතකරයි..- මහාචාර්ය පියංග දුනුසිංහ

ඇමරිකාව විසින් පනවා ඇති නව තීරු බදු අනුපාතයන් ශ්‍රී ලංකාවේ

බොරු කීවා කියා කෝටි 50ක් වන්දි ඉල්ලා මාලිමා මන්ත‍්‍රීට විරුද්දව නඩු දමයි…

වෙලිගම නාගරික සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම මහතා, ජාතික ජන