රාජ්‍ය සේවකයින්ට එරෙහි පහරදීම් වලට දැඩි පියවර

රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ, රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව සිදුවන වැරදි හා පහරදීම් සම්බන්ධයෙන් දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

මෙම තීරණය ගනු ලැබුවේ, පුත්තලම ප්‍රදේශයේ වනජීවි දෙපාර්තමේන්තු නිලධාරියෙකුට, හිටපු මන්ත්‍රීවරයකුගේ සමීපතමයකු රාජකාරි වේලාවේදී පහරදීමට උත්සාහ කළ සිදුවීමක් හේතුවෙනි.

පුත්තලමේ වන අලි අභය භූමියක රාජකාරියේ නිරත වනජීවි නිලධාරියෙකුට මෙම සමීපතමයා පහරදීමට තැත් කර ඇති අතර, පසුව එම නිලධාරියා සතු අලි පලවා හැරීමට භාවිත කරන රාජකාරි ගිනි අවිය පැහැර ගැනීමටද උත්සාහ කර ඇත.

මේ හේතුවෙන්, දිවයින පුරා රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව සිදුවන වැරදි හා රාජකාරියට බාධා කිරීම් පිළිබඳව විශේෂ අවධානය යොමු කරමින්, වගකිව යුත්තන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න පවසයි.

Asanka Wijeweera

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව