රතු කැකුළු රට තුල නෑ.. ඉන්දියාවෙ තිබ්බානම් ගෙනත් දෙන්න තිබුනා..

රතු කැකුළු සහල් ඉන්දියාවේ නොතිබීම නිසා ඉන්දියාවෙන් රතු සහල් ආනයනය කිරීමේ උත්සාහය අසාර්ථක වූ බව වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.

දේශීය වෙළෙඳපොළේ පවතින හිඟය පියවා ගැනීම සඳහා රතු කැකුළු සහල් ආනයනය කිරීමට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සහ ඉන්දීය සැපයුම්කරුවන් සමඟ රජය සාකච්ඡා කළ නමුත් එම උත්සාහයන් අසාර්ථක වූ බව ඔහු පාර්ලිමේන්තුවට පැවසීය.

මෙරට මෝල්වලද රතු සහල් නොමැති බව පැවසූ අමාත්‍යවරයා කෙසේ හෝ තත්ත්වය කළමනාකරණය කර ගැනීමට උත්සාහ කරන බවද සදහන් කලේය.

ජනාධිපතිවරණයට පෙර පසුගිය රජය විසින් රතු සහල් නොමිලේ බෙදා හැරීම නිසා හිඟය උග්‍ර වූ බවත් බියර් කර්මාන්තයට, කුකුළු ගොවිපළවලට, විසිතුරු මත්ස්‍ය කර්මාන්තයට මෙන්ම සහල් පිටිවලටද සහල් භාවිත කරන බවත් ඔහු පෙන්වා දුන්නේය.

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

පාස්කු ප්‍රහාරයට පිල්ලෙයාන් සෘජුව සම්බන්ධයි – ආරක්ෂක ඇමති කියයි

ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් ආකාරයටම, පාස්කු ඉරිදා

තංගල්ලේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ ලොරි රථ තුනක තිබී සොයාගත් මත්ද්‍රව්‍ය ජාවාරමට

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

පසුගියදා සමඟි ජන බලවේග පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයින්

ඇමරිකන් බද්ද ලංකාවේ ආර්ථිකයට ඉතාම අහිතකරයි..- මහාචාර්ය පියංග දුනුසිංහ

ඇමරිකාව විසින් පනවා ඇති නව තීරු බදු අනුපාතයන් ශ්‍රී ලංකාවේ

බොරු කීවා කියා කෝටි 50ක් වන්දි ඉල්ලා මාලිමා මන්ත‍්‍රීට විරුද්දව නඩු දමයි…

වෙලිගම නාගරික සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම මහතා, ජාතික ජන