රතු කැකුළු රට තුල නෑ.. ඉන්දියාවෙ තිබ්බානම් ගෙනත් දෙන්න තිබුනා..

රතු කැකුළු සහල් ඉන්දියාවේ නොතිබීම නිසා ඉන්දියාවෙන් රතු සහල් ආනයනය කිරීමේ උත්සාහය අසාර්ථක වූ බව වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.

දේශීය වෙළෙඳපොළේ පවතින හිඟය පියවා ගැනීම සඳහා රතු කැකුළු සහල් ආනයනය කිරීමට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සහ ඉන්දීය සැපයුම්කරුවන් සමඟ රජය සාකච්ඡා කළ නමුත් එම උත්සාහයන් අසාර්ථක වූ බව ඔහු පාර්ලිමේන්තුවට පැවසීය.

මෙරට මෝල්වලද රතු සහල් නොමැති බව පැවසූ අමාත්‍යවරයා කෙසේ හෝ තත්ත්වය කළමනාකරණය කර ගැනීමට උත්සාහ කරන බවද සදහන් කලේය.

ජනාධිපතිවරණයට පෙර පසුගිය රජය විසින් රතු සහල් නොමිලේ බෙදා හැරීම නිසා හිඟය උග්‍ර වූ බවත් බියර් කර්මාන්තයට, කුකුළු ගොවිපළවලට, විසිතුරු මත්ස්‍ය කර්මාන්තයට මෙන්ම සහල් පිටිවලටද සහල් භාවිත කරන බවත් ඔහු පෙන්වා දුන්නේය.

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව