රටින් හාල් ගෙනැත් ඇතිවෙන්න දෙනවා.. මෝල්කාරයන් ඒකට බයවෙලා..

සහල් ආනයනය කිරීමට රජය තීරණය කිරීමත් සමඟ හල් මහා පරිමාණ සහල් නිෂ්පාදකයන් තිගැස්මකට ලක්ව ඇති බව කෘෂිකර්ම නියෝජ්‍ය ඇමති නාමල් කරුණරත්න මහතා සඳහන් කරයි.

ආනයනික සහල් වෙළඳපොළට නිකුත් වීමත් සමග දැනට වෙළඳපොළේ ඇති සහල් විකෘති මිල පහල බැසීම ආරම්භ වනු ඇති බවද හෙතෙම පවසයි.

ආනයනික සහල් තොග ලබන 20 වැනි දාට පෙර මෙරටට ලැබීමට නියමිත බවත් උත්සව සමයේ සහල් හිඟයක් ඇති වීමට ඉඩ නොදෙන ඇමතිවරයා කියා සිටී.

මේ වනවිට රට තුළ ඇති සහල් හිඟයට ක්‍රමානුකූලව විසඳුම් ලැබෙමින් ඇති බවත් සහනදායි මිලට සතොස හරහා සහල් ලබා ගැනීමට අවස්ථාව පවතින බවත් පැවසූ ඔහු ආනයනික සහල් තොග ලැබීමත් සමඟ වෙළඳ පොළේ පවතින සහල් මිලද අඩුවනු ඇතිබවත් පැවසුවේය.

මහ කන්නයේ වී අස්වනු නෙලීම ලබන මාසයේ අග සිදු කිරීමට නියමිත බවත් හෙතෙම තව දුරටත් පවසයි.

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව