රජ්‍ය ආයතන වල සැප වාහන ඉවත් කරන්න කැබිනට් අනුමැතිය

රාජ්‍ය ආයතන වලට විශාල වැය බරක් වන අධි සුඛෝපභෝගී වාහන විධිමත් ක්‍රමවේදයකට අනුව අපහරණය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

රාජ්‍ය ආයතන වල භාවිත වන ඇතැම් අධි සුඛෝපභෝගී වාහන වල නඩත්තු හා ඉන්ධන සඳහා වැය වන අධික පිරිවැය සැලකිල්ලට ගෙන, එවැනි අධි සුඛෝපභෝගී වාහන අපහරණය කිරීම ආර්ථිකව වඩාත් ඵලදායි වන බව පෙනී ගොස් ඇත.

ඒ අනුව, සියලුම රාජ්‍ය ආයතන වල පවතින වාහන පිළිබඳව විධිමත් අධ්‍යයනයක් සිදු කර, රේගු සංකේතාංක 87.03 යටතට ගැනෙන පෙට්‍රල් එන්ජින් ධාරිතාව 1800ccට වැඩි වාහන සහ ඩීසල් එන්ජින් ධාරිතාව 2300ට වැඩි වාහන (ඩබල් කැබ් / සිංගල් කැබ්/ වෑන් රථ / බස් රථ හැර) නියමිත ප්‍රසම්පාදන ක්‍රම වේදය අනුගමනය කරමින් 2025-03-01 දිනට පෙර අදාළ ප්‍රධාන ගණන්දීමේ නිලධාරීන් විසින් අපහරණය කිරීමටත්, ඒ අනුව කටයුතු කර මහා භාණ්ඩාගාරයේ කොස්ට්‍රෝලර් ජනරාල් වෙත වාර්තා කිරීම සඳහා අදාළ වක්‍රලේඛ උපදෙස් නිකුත් කිරීම පිණිස භාණ්ඩාගාරයේ ලේකම් වෙත බලය පැවරීමටත් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Asanka Wijeweera

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව