යුද්ධය 2025 දී අවසන් කළ හැකියි – සෙලෙන්ස්කි

යුක්‍රේනයට 2025 වසර තුළ යුද්ධය අවසන් කළ හැකිවනු ඇතැයි එරට ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි සඳහන් කළා.

ඔහු සඳහන් කළේ ඇමරිකා එක්සත් ජනපදයේ මීළඟ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යුක්‍රේන යුද්ධය නැවැත්වීම සඳහා ඉදිරිපත් කරන සාම යෝජනා ජනවාරිය වනවිට පැහැදිලි වනු ඇති බවයි. එයින් අනතුරුව එම යෝජනා පිළිබඳ සලකා බලා තම වැඩපිළිවෙල සකසන බව සෙලෙන්ස්කි කියා සිටියා.

මේ අතර සෙලෙන්ස්කි වැඩිදුරටත් පැවසූයේ රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුටින් ගේ අපේක්ෂාව වන්නේ කුර්ස්ක් පළාතේ යුක්‍රේනය විසින් අල්ලාගෙන සිටින ප්‍රදේශ ජනවාරි 20 ට පෙර නැවත අත්පත් කරගැනීම බවයි.

රුසියාවේ ප්‍රධානම තර්ජනය එල්ල වන්නේ දොන්බාස් දෙසින් බවත්, එම ප්‍රදේශය ද ජනවාරි 20 වනවිට අල්ලාගැනීමට පුටින් බලාපොරොත්තු වනු ඇති බවත් සෙලෙන්කි සඳහන් කළා.

එළඹෙන ජනවාරි 20 වනදා ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩ භාරගැනීමට නියමිතයි.

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව