යාපනයට ඉන්දියාවෙන් හොර පොහොර

මෑතකදී උතුරු ප්‍රදේශයේ ඇති වූ ගංවතුරෙන් පසුව දේශීය වෙළඳපොලේ ඇති වූ පළිබෝධනාශක හිඟය හේතුවෙන්, ගොවීන් භාවිත කරන පළිබෝධනාශක මෙම ජාවාරම් ලැයිස්තුවට එක් වී ඇත.

කේරළ ගංජා, මුහුදු කූඩැල්ලා සහ වෙනත් තහනම් භාණ්ඩ නිතර හඳුනාගත හැකි අතර, පෝක් සමුද්‍ර සන්ධිය අතුරින් ජාවාරම් ක්‍රියාකාරකම් වසර ගණනාවක සිට සිදු වෙමින් පවතී.

කාළගුණික රටාවන් සහ අස්ථාවර වර්ෂාව හේතුවෙන් ගොවීන්ට, වඩාත් හොද පළිබෝධනාශක සෙවීමට සිදුවූ අතර, ජාවාරම්කරුවන් මෙම අවස්ථාව යොදාගෙන තිබේ.

යාපනයේ කයිට්ස් ප්‍රදේශයේ, යුද හමුදාව සහ විශේෂ කාර්ය බළකාය එක්ව පැවැත්වූ මෙහෙයුමකදී, පසුගිය සිකුරාදා පළිබෝධනාශක තොගයක් අත්අඩංගුවට ගන්නා ලදී. අත්අඩංගුවට ගත් මෙම තොගයේ වටිනාකම රුපියල් මිලියන 50ක් වන අතර, එය තමිල්නාඩු රාමනාතපුරම් ප්‍රදේශයෙන් හොර රහසේ රැගෙන ආ බවට සොයාගෙන ඇත.

මෙම සිද්ධියට සම්බන්ධව සැකකරුවන් තුන්දෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇත.

Cham Madhushika

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

පාස්කු ප්‍රහාරයට පිල්ලෙයාන් සෘජුව සම්බන්ධයි – ආරක්ෂක ඇමති කියයි

ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් ආකාරයටම, පාස්කු ඉරිදා

තංගල්ලේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ ලොරි රථ තුනක තිබී සොයාගත් මත්ද්‍රව්‍ය ජාවාරමට

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

පසුගියදා සමඟි ජන බලවේග පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයින්

ඇමරිකන් බද්ද ලංකාවේ ආර්ථිකයට ඉතාම අහිතකරයි..- මහාචාර්ය පියංග දුනුසිංහ

ඇමරිකාව විසින් පනවා ඇති නව තීරු බදු අනුපාතයන් ශ්‍රී ලංකාවේ

බොරු කීවා කියා කෝටි 50ක් වන්දි ඉල්ලා මාලිමා මන්ත‍්‍රීට විරුද්දව නඩු දමයි…

වෙලිගම නාගරික සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම මහතා, ජාතික ජන