මොන්ටිනිග්‍රෝහී හෝටලයක සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයින් 10ක් මරුට

මොන්ටිනිග්‍රෝහී හෝටලයක සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තිබේ.

එලෙස වෙඩි තැබීම සිදු කර ඇත්තේ, 45 හැවිරිදි පුද්ගලයෙකි.

අදාළ සැකකරු හෝටලයක් තුළට පැමිණ වෙඩි තබා පළාගොස් තවත් ස්ථාන තුනකදී වෙඩි තැබීම් සිදු කොට තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පොලීසිය විසින් සැකකරු සෙවීම සඳහා තාප දර්ශනය සහිත ඩ්‍රෝන යානයක් යොදවා මෙහෙයුම් දියත් කළ බවයි.

ඒ අනුව කඳුකර ප්‍රදේශයක සිටියදී අදාළ සැකකරු සොයාගෙන ඇති අතර එම අවස්ථාවේදී ඔහු සියදිවි නසා ගැනීමට තැත් කර තිබේ.

අධික ලෙස තුවාල ලබා සිටි ඔහු රෝහල්ගත කිරීමෙන් අනතුරුව මිය ගිය බව සඳහන්ය.

අදාළ සැකකරු අධික ලෙස මත්පැන් පානය කර තිබූ බවට ද අනාවරණය වී තිබේ.

මීට පෙර ඔහු නීතිවිරෝධී ආයුධ ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා ද එල්ල වී තිබූ අයෙකි.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී ඇත.

එරට ජනාධිපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ,අ මෙය එරට සිදු වූ දරුණුතම සමූල ඝාතනයක් බවයි.

කෙසේ වෙතත් අදාළ සිදුවීම හේතුවෙන් එරට දින තුනක ජාතික ශෝක කාලයක් ද ප්‍රකාශයට පත් කර තිබේ.

Asanka Wijeweera

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව