මෙරට මුහුදු සීමාව උල්ලංඝණය කළ ඉන්දීය ධීවරයින් 18 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, යාපනය චුන්ඩිකුලම් මුහුදේදී ය.
ඔවුන් පැමිණි යාත්රාවක් ද, සිය භාරයට ගත් බව, නාවික හමුදාව සඳහන් කළේ ය.
මේ අතර, වසරේ මේ දක්වා කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇති ඉන්දීය ධීවරයින් ගණන 515 කි.
නාවික හමුදාව පැවසුවේ, යාත්රා 67ක් ද සිය භාරයට ගෙන ඇති බවයි.











