නව පුනරුද රජය විසින් පසුගිය රාජපක්ෂ රජයටත් වඩා ජනතා බදු මුදල විනාශ කරමින් සිටින්නේ යැයි සමග ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා චෝදනා කරයි.
දහවෙනි පාර්ලිමේන්තුව ආරම්භක දිනයදා සෝමාලියා කඳවුරකින් පැන්නා පෙනුනු බවද හෙතෙම කියා සිටියි.
කෑම පාර්සලය ගෙදරින් ඔතාගෙන විත් කන බව කිවු කණ්ඩායම පාර්ලිමේන්තු කැන්ටිම දෙවනත් කර සුනු විසුනු කර ආහාර හිඟයක් ද ඇතිකළ බවටද ඔහු චෝදනා කරයි.
ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ට කෑම ආහාර සපයා දීමට ගොස් පාර්ලිමේන්තු සේවකයන්ද අපහසුතාවයට පත් වූ බවද හෙතෙම කියා සිටියේය.
කොළඹ දී පැවති මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මෙම අදහස් පළ කළේය.











