ජාතික ජන බලවේගයට ඡන්දය ලබා දුන් ඡන්ද දායකයා අමන්දානන්දයට පත් කරමින් ආණ්ඩුව ඉදිරියට යමින් ඇති බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවනන්ද සුරවීර මහතා සඳහන් කරයි.
අයථා ලෙස මුදල් උපයා ගත් පුද්ගලයන්ගෙන් මේ වන විට රහස් පොලිසිය විසින් ප්‍රශ්න කරමින් ඇති බවත් ඔහු පැවසීය.
අයථා මුදල් උපයා නැතිනම් ප්‍රකාශයක් ලබා දීමට කිසිදු බයක් වීමට වුවමනාවක් නැති බවද හෙතෙම කියා සිටියේය.
කොළඹදී මාධ්‍ය අමතමින් මන්ත‍්‍රීවරයා මෙම අදහස් පළ කරන ලදී.











