මාධ්‍යවේදීන්ට මැර ප‍්‍රහාර…

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

මාධ්‍ය නිවේදනයයි

මාධ්‍යවේදීන් ඉලක්ක කරගනිමින් සිදුවන ප්‍රහාරවලට අදාළව නීතිමය පියවර ගැනීම කඩිනම් කඩිනම් කරන්නැයි නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පොලිස්පතිවරයාගෙන් ඉල්ලයි

මාධ්‍යවේදීන් ඉලක්ක කරගනිමින් සිදුවන ප්‍රහාරවලට අදාළව නීතිමය පියවර ගැනීම කඩිනම් කරන මෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, පොලිස්පතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ. නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කාරිනී හනා ඊබ්‍රහීම් සහ ලේකම් ලසන්ත ද සිල්වාගේ අත්සනින් යුතුව 2025 ජනවාරි 04 වන දා මෙම ලිපිය පොලිස්පතිවරයා වෙත යවා ඇත.

කිලිනොච්චියේ සිට මාධ්‍ය වාර්තාකරණයේ නිරත නිදහස් මාධ්‍යවේදී තමිල් චෙල්වම් මහතා සහ අම්පාර දිස්ත්‍රික් ජනමාධ්‍ය සංගමයේ සභාපති, අචල උපේන්ද්‍ර මහතා පසුගිය දින කිහිපය ඇතුළත මැර ප්‍රහාරයන්ට ලක් වූ බව තමන්ට දැනගන්නට ලබුණු බවත්, මාධ්‍යවේදී තමිල් සෙල්වම් මහතාට පහරදී ඔහු පැහැරගැනීමටද උත්සාහ දරා ඇති බවත්, වැලි ජාවාරම්කරුවන් පිරිසක් මාධ්‍යවේදී අචල උපේන්ද්‍ර මහතාට පහරදී කැමරා ආම්පන්නවලට හානි සිදු කළ බව තමන්ට දැනගැනීමට ලැබුණු බවත් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය මෙම ලිපිය මගින් පොලිස්පතිවරයාගේ අවධානයට ලක්කර තිබේ..

මෙම සිදුවීම් දෙකම දැඩි පිළිකුළෙන් යුක්තව හෙළා දකින බව සහ මෙවැනි සිදුවීම් ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයක භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහසට එල්ල වූ දැඩි තර්ජනයක් ලෙස තම සංවිධානය සලකන බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය එම ලිපියෙන් අවධාරණය කොට ඇත.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, පොලිස්පතිවරයාට නිකුත් කළ සම්පූර්ණ ලිපිය පහත පරිදි වේ.

කිලිනොච්චියේ සිට මාධ්‍ය වාර්තාකරණයේ නිරත නිදහස් මාධ්‍යවේදී තමිල් චෙල්වම් මහතා සහ අම්පාර දිස්ත්‍රික් ජනමාධ්‍ය සංගමයේ සභාපති අචල උපේන්ද්‍ර මහතා පසුගිය දින කිහිපය ඇතුළත මැර ප්‍රහාරයන්ට ලක් වූ බව අප වෙත වාර්තා වී ඇත.

මාධ්‍යවේදී තමිල් සෙල්වම් මහතාට පහරදීම මෙන්ම ඔහු පැහැරගැනීමටද උත්සාහ දරා ඇත. මාධ්‍යවේදී අචල උපේන්ද්‍ර මහතාට පහරදී කැමරා ආම්පන්නවලට හානි සිදු කර ඇත්තේ වැලි ජාවාරම්කරුවන් පිරිසක් බව ඔහු සඳහන් කරයි.

මෙම සිදුවීම් දෙකම දැඩි පිළිකුළෙන් යුක්තව හෙළා දකින අප නිදහස් මාධ්‍ය ව්‍යාපාරය මෙවැනි සිදුවීම් ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයක භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහසට එල්ල වූ දැඩි තර්ජනයක් ලෙස දකිමු.

එසේම මෙවැනි පහරදීම් හා තර්ජනය කිරීම් ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය කටයුතුවලට බාධාකාරී ලෙස බලපායි.

පසුගිය පාලන සමයන්හී මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන්ට එරෙහිව සිදු වූ අපරාධවලට අදාළ යුක්තිය ඉටු වීමේ ක්‍රියාවලිය අවසන්ව නොමැති පසුබිමක තවදුරටත් මෙවැනි අපරාධ සිදුවීම ශිෂ්ඨ සම්පන්න සමාජයක් ලෙස අනුමත කළ නොහැකිය.

එබැවින් කඩිනමින් පරීක්ෂණ දියත් කොට මෙකී පහරදීම්වලට අදාළ වගකිවයුත්තන් හඳුනාගෙන නිසි නීතිමය පියවර ගන්නා ලෙසද ශ්‍රී ලංකා පොලීසිය මේ සම්බන්ධයෙන් දැනටමත් පියවර ගෙන ඇත්නම් ඒ පිළිබඳව අප දැනුවත් කරන මෙන්ද ඉල්ලා සිටින අතර පොලීසියේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ අප අවධානයෙන් පසුවන බවද දැනුම් දීමට කැමැත්තෙමු.

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

පාස්කු ප්‍රහාරයට පිල්ලෙයාන් සෘජුව සම්බන්ධයි – ආරක්ෂක ඇමති කියයි

ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් ආකාරයටම, පාස්කු ඉරිදා

තංගල්ලේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ ලොරි රථ තුනක තිබී සොයාගත් මත්ද්‍රව්‍ය ජාවාරමට

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

පසුගියදා සමඟි ජන බලවේග පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයින්

ඇමරිකන් බද්ද ලංකාවේ ආර්ථිකයට ඉතාම අහිතකරයි..- මහාචාර්ය පියංග දුනුසිංහ

ඇමරිකාව විසින් පනවා ඇති නව තීරු බදු අනුපාතයන් ශ්‍රී ලංකාවේ

බොරු කීවා කියා කෝටි 50ක් වන්දි ඉල්ලා මාලිමා මන්ත‍්‍රීට විරුද්දව නඩු දමයි…

වෙලිගම නාගරික සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම මහතා, ජාතික ජන