මහ මෝල් හිමියන් වී, සහල් සගවනවා කියන්නේ අමු බොරු.. එහෙම නෑ..- ජනාධිපති

මහා පරිමාණ මෝල් හිමියන් කිහිපදෙනෙකු වී තොග සඟවාගෙන සිටින්නේ යැයි පැවසුනත් එය බොරුවක් බව ජනාධිපති අනුර දිසානායක මහතා සඳහන් කරයි.

රට තුළ වාර්ෂික සහල් අවශ්‍යතාවය සහ වී නිෂ්පාදනය සම්බන්ධයෙන් රජයේ දත්තවල බරපතල විකෘතිතාවයක් ඇති බවද ඒ මහතා කියා සිටී.

ඒ හේතුවෙන් මෙවර සහල් ආනයනයේදී ගැටළුවකට මුහුණ දුන් බවත් ඒ මහතා පවසයි.

සහල් මෝල් හිමියන් තමන් රැස් කරන තොග එක් කන්නයක සිට අනෙක් කන්නය දක්වා ක්‍රමානුකූලව අඹරා වෙළඳපොළට නිකුත් කරමින් සිටින බවද පැවසූ ඔහු ඔවුන්ගේ මෝල් සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂාව එවන් සහල් හෝ වී තොග සඟවාගෙන නැති බව හෙළිදරවූ බවද සඳහන් කළේය.

මෙම කන්නේ සිට සහල් සඳහා වන උපරිම මිල එම මට්ටමේම පවත්වාගෙන බවත් වී සඳහා වන සහතික මිලක් ඉදිරියේදී නම් කරන බවත් පැවසූ ඔහු කිසිසේත්ම එම පාලන මිලින් ඉහළ සහල් අලෙවි කිරීමට අවස්ථාව නොදෙන බවද පැවසුවේය.

එම පාලන මිලට අලෙවි කර හැකි මුදලකට වී මිලට ගන්නා ලෙස මෝල් හිමියන් වී මිලදී ගන්නට දැනුම්දී දැනුම් දෙන බවද ඔහු කියා සිටී.

එමෙන්ම රජයේ ලියාපදිංචි නොවී වී තොග රැස්කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කරන බවද තහනම් බව ද පැවසූ ඔහු ඒ සම්බන්ධයෙන් දැඩි නිරීක්ෂණයක සිටින බවද කියා සිටියේය.

මෝල් හිමියන් රජයේ සහල් කලමණාකරණ ක්‍රියාවලියට අනුබද්ධ වී වෙළඳපොළට සහන නිකුත් කිරීම් කළ යුතු බවත් එසේ නොකරන්නේ නම් ඒවාට හමුදාව මැදිහත් වන බවත් හමුදාව මැදිහත්වී ඔවුන්ගේ යාන්ත්‍රණය හරහා සහල් නිකුත් කරන බවත් ඒ මහතා තව දුරටත් පවසයි.

සිරස රූපවාහිනියේ පැවති වැඩසටහනකදී ඔහු මෙම අදහස් පල කලේය.

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

පාස්කු ප්‍රහාරයට පිල්ලෙයාන් සෘජුව සම්බන්ධයි – ආරක්ෂක ඇමති කියයි

ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් ආකාරයටම, පාස්කු ඉරිදා

තංගල්ලේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ ලොරි රථ තුනක තිබී සොයාගත් මත්ද්‍රව්‍ය ජාවාරමට

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

පසුගියදා සමඟි ජන බලවේග පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයින්

ඇමරිකන් බද්ද ලංකාවේ ආර්ථිකයට ඉතාම අහිතකරයි..- මහාචාර්ය පියංග දුනුසිංහ

ඇමරිකාව විසින් පනවා ඇති නව තීරු බදු අනුපාතයන් ශ්‍රී ලංකාවේ

බොරු කීවා කියා කෝටි 50ක් වන්දි ඉල්ලා මාලිමා මන්ත‍්‍රීට විරුද්දව නඩු දමයි…

වෙලිගම නාගරික සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම මහතා, ජාතික ජන