මනූෂ CIDයට කැඳවයි – සහෝදරයා ඇපමත මුදා හැරේ

රක්ෂිත බන්ධනාගාර ගතව සිටි හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර ගේ සොහොයුරා වන තිසර ඉරෝෂන නානායක්කාර ට ඇප හිමිව ඇත.

ඒ ඔහු අද (17) ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.


ඔහු රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප 4ක් මත මෙලෙස ඇප මත මුදා හැර තිබේ.

නෙදර්ලන්තයේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් තිසර ඉරෝෂන නානායක්කාර ඉකුත් දෙසැම්බර් 28 වනදා අත්අඩංගුවට පත්විය.

මේ අතර හිටපු විදේශ රැකියා ඇමති මනුෂ නානායක්කාරට අද (17) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දන්වා තිබේ.

ඒ ඔහු විදේශ රැකියා ඇමති ලෙස කටයුතු පසුගිය පාලන සමයේ විදේශ රැකියා ලබා දීමේදී සිදුව ඇතැයි කියන වංචාවක් සම්බන්ධයෙන් සිදු කරන පරීක්‍ෂණවලට අදාලව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

කෙසේ වෙතත් තමන්ව අත්අඩංගුවට ගැනීමට නියමිත යැයි සඳහන් කරම්න් හිටපු විදේශ රැකියා ඇමති මනුෂ නානායක්කාර කොළඹ මහේස්ත්‍රාත්ම අධිකරණය වෙත අපේක්ෂිත ඇප ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ.

Asanka Wijeweera

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව