මන්ත‍්‍රීලාට වාහන දෙනවා.. අවුරුදු පහකින් ගෙදර අරන් යන්නත් පුළුවන්.. අපි කවදාවත් වාහන ගන්නෑ කියලා නෑ..- විජිත

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම මන්ත්‍රීවරුන් සඳහා වාහනයක් ලබාදීමට රජය විසින් කටයුතු කරන බව විදේශ ඇමති විජිත හේරත් මහතා සඳහන් කරයි.

නමුත් මන්ත්‍රීවරුන් සඳහා වාහන ආනයනයට බදු සහන බලපත්‍ර ඉදිරියේදී ලබා නොදෙන බවත් ඔහු සඳහන් කළේය.

මන්ත්‍රීවරුන් සඳහා වාහන ලබා නොදෙන බවක් තම පක්ෂය කිසි දවසක පවසා නැති බවද හෙතෙම පැවසුවේය.

දෙරණ නාලිකාවේ පැවැති වැඩසටහනෙන් ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.

“මන්ත්‍රීවරුන්ගේ එක නතර කළා. ඒ නතර කළේ තාවකාලිකව. අපි එහෙම නෙමෙයි. ප්‍රතිපත්තියක් විදියටම දෙන්නේ නෑ. ඒක වෙනස්. පාර්ලිමේන්තු සියලු මන්ත්‍රීවරුන්ට ආණ්ඩු පක්ෂයේ විතරක් නෙමෙයි. වි

පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට තමන්ගේ රාජකාරි කිරීම සඳහා වාහනයක් රජයෙන් ලබාදෙනවා. ඒක පාවිච්චි කරන ක්‍රමවේදය අපි වෙනස් කරනවා. හැමෝටම එක සමාන විදියට දෙන්න වෙනවා. අපි මැතිවරණ කාලේ කිව්වේ ජනතාවට අපි පර්මිට් කියන එක අහෝසි කරනවා.

කිසිදු මන්ත්‍රීවරයෙකුට පර්මිට් එක දීලා ඩියුටි ෆී වාහන ගෙනල්ලා විකුණන්න දෙන්නේ නෑ. රාජකාරීමය අවශ්‍යතාවය සඳහා මන්ත්‍රීට ඇමතිට වාහනයක් තියෙන්න ඕනේ කියලා පිළිගන්නවා. කැමති නම් බස් එකේ එන්නත් පුළුවන්…”

මන්ත්‍රීවරුන් විසින් වාහනය භාවිතා කිරීමේදී විකල්ප ක්‍රමවේදයන් දෙකක් හඳුන්වා දෙන බව පැවසූ ඔහු පළමුවැන්න වසර පහ අවසානයේ වාහනය රජයට භාරදීම බවත් දෙවැන්න වාහනය ක්ෂයවීමේ අනුව වටිනාකම තක්සේරු කර එම මුදල රජයට ගෙවා වාහනය තමන් සතු කර ගැනීම හැකි බවද ඔහු පැවසුවේය.

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

පාස්කු ප්‍රහාරයට පිල්ලෙයාන් සෘජුව සම්බන්ධයි – ආරක්ෂක ඇමති කියයි

ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් ආකාරයටම, පාස්කු ඉරිදා

තංගල්ලේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ ලොරි රථ තුනක තිබී සොයාගත් මත්ද්‍රව්‍ය ජාවාරමට

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

පසුගියදා සමඟි ජන බලවේග පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයින්

ඇමරිකන් බද්ද ලංකාවේ ආර්ථිකයට ඉතාම අහිතකරයි..- මහාචාර්ය පියංග දුනුසිංහ

ඇමරිකාව විසින් පනවා ඇති නව තීරු බදු අනුපාතයන් ශ්‍රී ලංකාවේ

බොරු කීවා කියා කෝටි 50ක් වන්දි ඉල්ලා මාලිමා මන්ත‍්‍රීට විරුද්දව නඩු දමයි…

වෙලිගම නාගරික සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම මහතා, ජාතික ජන