මන්ත‍්‍රීලාට රජයෙන් වාහන දුන්නොත් විපක්‍ෂයෙන් නඩු..

පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් සඳහා පවතින නීති රාමුවෙන් බැහැරව රජයේ වාහන ලබා දුනහොත් ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට විපක්ෂයේ මන්ත්‍රීවරුන් සූදානම් වෙයි.

දැනට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා පවතින නීති ව්‍යුහය තුළ රජයේ වාහන ලබාදීමේ ක්‍රමවේදයක් නොමැති බව ඔවුන් පෙන්වා දෙති.

මන්ත්‍රීවරුන් සදහා බදු නිදහස් වාහන බලපත්‍රයක් ලබා දීම දැනට පවතින නෛතික ක්‍රමවේදය බවත් ඉන් පරිබාහරව රජය විසින් මන්ත්‍රීවරුන්ට වාහන සංචිතයකින් ලබාදීම හරහා රජයට අමතර වැය බරක් එක්වන බවත් එය නීත්‍යානුකූල නොවන ලෙස සිදු කළහොත් රාජ්‍ය මුදල් අවභාවිතයක් බවත් ඔවුන්ගේ අදහසයි.

නීත්‍යානුකූල ක්‍රමවේදයකින් බැහැරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිසිවෙකුට හෝ වාහන ලබා දුන්නොත් එය නීතිය හමුවේ අභියෝග කිරීමට තීරණය කර ඇත.

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

පාස්කු ප්‍රහාරයට පිල්ලෙයාන් සෘජුව සම්බන්ධයි – ආරක්ෂක ඇමති කියයි

ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් ආකාරයටම, පාස්කු ඉරිදා

තංගල්ලේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ ලොරි රථ තුනක තිබී සොයාගත් මත්ද්‍රව්‍ය ජාවාරමට

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

පසුගියදා සමඟි ජන බලවේග පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයින්

ඇමරිකන් බද්ද ලංකාවේ ආර්ථිකයට ඉතාම අහිතකරයි..- මහාචාර්ය පියංග දුනුසිංහ

ඇමරිකාව විසින් පනවා ඇති නව තීරු බදු අනුපාතයන් ශ්‍රී ලංකාවේ

බොරු කීවා කියා කෝටි 50ක් වන්දි ඉල්ලා මාලිමා මන්ත‍්‍රීට විරුද්දව නඩු දමයි…

වෙලිගම නාගරික සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම මහතා, ජාතික ජන