මට මඩ ගහනවා.. අපහාස කරනවා..- මන්ත‍්‍රීනී කෞෂල්‍යා රහස් පොලිසි යයි..

ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි කෞශල්‍යා ආරියරත්න මහත්මිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර තිබේ.

එමගින් ඇය සඳහන් කරන්නේ තමන් සම්බන්ධයෙන් සමාජ ජාලා ඔස්සේ අසත්‍ය පුවත් ප්‍රචාරය වන බවයි.

ඒ හරහා තමා කීර්ති නාමයට හානි කිරීමේ අදහස් අදහසක් ඇති බවද ඒ සම්බන්ධයෙන් සොයා වගකිව යුත්තන්ට එරෙහිව පියවර ගන්නා ලෙසද ඇය ඉල්ලයි.

ඇය ඒ පිලිබදව තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබා ඇත්තේ මෙසේය.

මා පිලිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ද්වේශසහගත සහ මුළුමනින්ම අසත්‍ය පුවත්, විශේෂයෙන් මා හට පෞද්ගලිකව ඉලක්ක කරමින් පළ කරන ඒවා පිළිබඳව සී.අයි.ඩී ය (CID) වෙත මා විසින් අද නිල පැමිණිල්ලක් ගොනු කළෙමි.

මෙවැනි පහත් ක්‍රම මගින් කාන්තාවන් දේශපාලනයෙන් ඉවත් කිරීමට උත්සාහ කරන්නේ නම්, අප ඔවුනට කියන්නේ – ඔබලා තවත් උත්සාහ කරන්න! එවැනි අසාර්ථක උපක්‍රමවලින් සාමූහික ව්‍යාපාරයකින් බිහි වුණු රජයක් බිඳ වැට්ටීමට සිතන්නේ නම්, ජීවීත කාලයම උත්සාහ කරන්න!

මෙවැනි දේශපාලනිකව අනාථ වූ කණ්ඩායම් මෙවැනි සිල්ලර කුමන්ත්‍රණවලට වෙර දරන මධ්‍යයේ, අපි අපේ ගමන යන්නෙමු.

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

පාස්කු ප්‍රහාරයට පිල්ලෙයාන් සෘජුව සම්බන්ධයි – ආරක්ෂක ඇමති කියයි

ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් ආකාරයටම, පාස්කු ඉරිදා

තංගල්ලේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ ලොරි රථ තුනක තිබී සොයාගත් මත්ද්‍රව්‍ය ජාවාරමට

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

පසුගියදා සමඟි ජන බලවේග පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයින්

ඇමරිකන් බද්ද ලංකාවේ ආර්ථිකයට ඉතාම අහිතකරයි..- මහාචාර්ය පියංග දුනුසිංහ

ඇමරිකාව විසින් පනවා ඇති නව තීරු බදු අනුපාතයන් ශ්‍රී ලංකාවේ

බොරු කීවා කියා කෝටි 50ක් වන්දි ඉල්ලා මාලිමා මන්ත‍්‍රීට විරුද්දව නඩු දමයි…

වෙලිගම නාගරික සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම මහතා, ජාතික ජන